තුන් ක් රමයකින් කරන ඩොලර් මං කොල්ලය දැන් මහ බැංකුව මිනිස්සුන්ගේ ගිණුම් වල තියෙන ඩොලර් රුපියල් වලට හරවනවා කියලා කියනව නොකියම. ඒ වගේම ඩොලර් ගිණුම් වල තිබුණ සල්ලි ආපහු වෙන රටක ඉඳලා එළියට ගද්දී ලොකු ගාණක් කපා ගන්නවා. ගොඩක් අය ඒ ගැන අහනවා. සමහරු අහනවා මිනිස්සුන්ගේ රත්තරන් ටිකත් ගනියි ද කියලා. ඒක මේ වගේ. මේ අර්බුදය ආවේ ප් රධාන වශයෙන් රජය විශාල ණය කන්දක් අරගෙන, ඒක ගෙවා ගන්න බැරුව හිර වෙලා හිටපු හින්දා. ඒක තමයි දීර්ඝකාලීන ගැටලුව. මෙච්චර කල් ණය ගෙව්වේ ආයේ ආයේ ණය අරගෙන. දැන් එහෙම අරගෙන ගෙවා ගන්න බැරි දවසක් එනවනේ. ඒක තමයි මේ ඇවිත් තියෙන්නේ. එතකොට අලුතින් ණය ලැබෙන්නේ නෑ. Baseline එක ඒක. දෙවැනි කාරණය ස්වාභාවික විපත්තිය. ඒ කිව්වේ කොරෝනාව. මේ නිසා රටේ ආර්ථිකය කඩා වැටෙන එක වළක්ව ගන්න රාජ් යයන් ට ණය වෙන්න සිදු වෙනවා. දැන් අපි හිරත් වෙලා ඉන්න වෙලාවේ, කොරෝනාව උඩින් පාත් උනාම, කර මුලට හිර උනා. තුන් වෙනි කාරණය අතින් දා ගත්ත ප් රශ්න. එහෙම ඒවා ගොඩක් අතරේ ප් රධාන ඒවා දෙකක් තියෙනවා. ඉන් පලවෙනි එක 2020 මුල දීපු බදු සහනය. රජයේ ආදායම අඩු වෙලා ණය ගෙවා ගන්න අමාරු කලේ එතැනින්. දෙවැනි එක පොහොර ...
රටටම හරි පාර කියන සයිබර් අවකාශයේ පාර්ලිමේන්තුව