Skip to main content

" ජේවීපී එක ඔය තිස්සමහාරාමේ වගේ ප්‍රාදේශිය සභාවක් දිනලා රටේම සාමාජිකයෝ අරගෙන ගිහින් එතන වැඩ කලාට රටක ආණ්ඩුවක් කරන්න බෑ ඒ විදියට "

 " ජේවීපී එක ඔය තිස්සමහාරාමේ වගේ ප්රාදේශිය සභාවක් දිනලා රටේම සාමාජිකයෝ අරගෙන ගිහින් එතන වැඩ කලාට රටක ආණ්ඩුවක් කරන්න බෑ ඒ විදියට "


සජිත් ප්රේමදාස කිසිම විදියකින් විකල්පයක් ලෙස මාකට් කරන්න බැරි චරිතයක් බව දැනනකොට ඒ පාක්ෂිකයෝ ඒ රික්තය වෙනුවෙන් සමාජයේ ඉස්මතු වෙන ජවිපෙට ගහන්න කියන කථාවක් තියෙනවා මේ විදියේ...
" ජේවීපී එක ඔය තිස්සමහාරාමේ වගේ ප්රාදේශිය සභාවක් දිනලා රටේම සාමාජිකයෝ අරගෙන ගිහින් එතන වැඩ කලාට රටක ආණ්ඩුවක් කරන්න බෑ ඒ විදියට "
ඔය කතාව කියන හිටපු එජාප සහ වත්මන් සජබ ක්රියාකාරීන්ට තියා රටේ කිසි මිනිහෙකුට කියන්න බෑ ජේවීපී එක තිස්සමහාරාමේ අසාර්ථකයි කියලා....
මුළු ලංකාවෙම ප්රාදේශිය සභා තම බල ප්රදේශයේ කුණු ටික එකතු කරලා ට්රැක්ටරේකට පටවගෙන ගිහින් කැලයක අතෑරලා ගිනි තියද්දී ජවිපෙ තිස්ස ප්රාදේශිය සභාව තමයි මුලින්ම කසල ප්රතිචක්රීකරණ පටන් ගත්තේ....
කඩදාසි , පොලිතින් , දිරාපත් වෙන නොවෙන ද්රව්යය වෙන වෙනම එකතු කරන්න පටන් ගත්තේ තිස්සමහාරාමෙන්...
ඒ කාලේ ලංකාවේ තිබුණු පිරිසිදුම නගරය...
මොකද අනික් නගර වල වගේ දවසට එක් වතාවක් කුණු එකතු කරනවා වෙනුවට දවස පුරා කසල එකතු කිරීමේ සේවයක් ජවිපෙ යුගයේ තිස්ස නගරයේ තිබුණා...
දේශපාලන බලපුලුවන්කාරයෝ නගරය පුරා අනවසර ඉදිකිරීම් කරන එක නැවතුනේ ජවිපෙ යුගයේ
ඕවට සාක්ෂි අදත් ඒ ප්රදේශවල තියෙනවා....
මහින්ද බලහත්කාරයෙන් කොමසාරිස් කෙනෙක් හරහා ප්රාදේශිය සභාව පැහැර නොගත්තා නම් අද තිස්සමහාරාමේ ඔයිටත් වඩා හොද තැනක ...
ඒ හින්දා තමයි ඊනියා විපක්ෂෙ උදවිය අර උඩ කියපු කතාව කියන්නේ...
ඇත්ත....ප්රාදේශිය සභාවක් කරනවා වගේ ලේසි නෑ ආණ්ඩුවක් කරන එක....ඊට වඩා සිය ගුණයක් සංකීර්ණයි...ප්රාදේශිය සභාවක විෂය පථයට වඩා ආණ්ඩුවේ කාර්යය බොහොම පුළුල්...
ඒ නිසා තිස්ස ප්රාදේශිය සභාව කල තරම් ලේසියෙන් ජවිපෙට ආණ්ඩුවක් කරන එක පහසු නෑ කියන එකත් හැබෑව....
දැන් රට තියෙන තත්වේ එක්ක තත්වේ තව සෑහෙන අමාරුයි...
හැබැයි ඉතින් එච්චර සංවිධානාත්මක ජවිපෙටත් රට ගොඩදාන එක අමාරුවෙන් කරන්න වෙන කර්තව්යක් නම්...ප්රාදේශිය සභාවක්වත් හරියට කරගන්න බැරි උන්ට ආණ්ඩුවක් කොහොමත් කරන්න බෑ....
කොලඹ නගර සභාව වගේ ලොකු දැවැන්ත ඒවා ඕන නෑ...
තිස්සමහාරාමේට වඩා කීප ගුණයක් කුඩා ලංකාවේ අඩුම ජනගහණයක් ඉන්න ත්රිකුණාමලයේ මොරවැව ප්රාදේශිය සභාව දශක ගාණක් තිබුණේ එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ....
මොරවැව ටවුම මැද්දට කානු කැට ටිකක් දාගන්න බැරි වෙච්ච පක්ෂෙක හාදයෝ කියනවා ජේවීපීකාරයෝ රටේම සාමාජිකයෝ තිස්සට අරගෙන ගිහින් ඕවා කලාට ඔය විදියට ආණ්ඩු කරන්න බෑ කියලා ....
ජේවීපී එකට වගේ දහ දොලොස් ගුණයක් සාමාජිකයෝ හිටපු පුතානෝගේ තාත්තගේ පක්ෂෙට තිබුණනේ ඒකෙන් දහයෙන් පංගුවක් මිනිස්සු අරගෙන ගිහින් අවුරුද්දට එක ගානේ ලංකාවේ නගර තිහ හතලිහක් හරියට හදන්න.....
රැස්වීමක් තිබ්බොත් තිබ්බ තැන ඌරෝ නටපු කුඹුරක් වගේ.....
මැයි රැලියක් තිබ්බොත් සරං කඩාගෙන හූ කියාගෙන මහ මග බුදියලා පාර අතුගාන මිනිස්සුන්ටත් සති ගාණකට වැඩ හදලා යන්නේ...
එහෙව් උන් හදයි රටවල්...😁😁

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...