ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි
ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි
ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත.
කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි.
ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය. තවද සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ආණ්ඩු විරෝධී විවේචනය පිලිබදවද මෙහිදී ජනාධිපතිතුමාගේ දැඩි අප්‍රසාදය පලවිය.
තමාට විරුද්ධව පනස් පන්ලක්ෂයක ඡන්දය ප්‍රමාණයක් ප්‍රකාශ කර තිබෙන බවත් ඒ අය සමග එකතු වීම ගැන තමාගේ කිසිම කණගාටුවක් නොවන බවත් ජනාධිපතිවරයා තව දුරටත් අවධාරණය කර සිටියේය.ඒ නිසා විපක්ෂයේ කාර්‍ය කරන්න අවශ්‍ය නම් වහාම විපක්ෂයට ගොස් ආණ්ඩුව විවේචනය කරන ලෙස නැවත පැවසීය.
ජනාධිපතිවරයා දැඩි ස්වරූපයකින් එම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී පහුගිය දිනවල කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරණයට ගිය විමල්,උදය,වාසු යන කැබිනට් ඇමැතිවරුන් නිහඬව සිටීමද විශේෂත්වයකි.
මෙම කැබිනට් මණ්ඩල රැස්වීම 2022 අවුරුද්දේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමද වීම තවත් විශේෂත්වයකි.
Comments
Post a Comment