Skip to main content

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

 "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

 


"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"
* කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක්
ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි.
* අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි
* ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක්
විදෙස් ශරමිකයන්ගෙන් අහිමි වුණා
කොළඹ දිස්තිරක් මන්තීර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝටරස් සමාගම සමග මුදල් අමාත්යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත්යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා.
මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශීර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවාගත් ගිවිසුමක් අත්සන් කර තියෙන්නේ. භාණ්ඩාගාර ලේකම් ආටිගල මහතා ගිවිසුමට රජය වෙනුවෙන් අත්සන් කර තිබෙන්නේ. මේ ගිවිසුම තමයි ඉදිරිපත් කරන්න කිව්වේ. මේ ගිවිසුම පෞද්ගලික දේපළක් පවරා දීමක් නොවෙයි. රටේ බලශක්ති ක්ෂේතරයත් රජයේ ආයතන ගණනාවකට අයිති කෙරවලපිටිය බලාගාරයත් ඇමරිකානු සමාගමක් වෙත පවරා දීම සඳහා අත්සන් කරන ලද ගිවිසුමක්. ඒ නිසා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පරජාතන්තරවාදය අගයන පරමාධිපත්ය විශ්වාස කරන ඕනම ආණ්ඩුවක් කළ යුතු දෙයක්. ඒත් මාස එකහමාරක පමණ කාලයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කිව්වත් ආණ්ඩුව ගිවිසුම ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා මම ගිවිසුම සභාගත කරනවා. මුදල් ඇමැති හෝ විදුලිබල ඇමැති හෝ මේ ගිවිසුම ඉදිරිපත් නොකළත් මා විසින් ගිවිසුම සභාවට ඉදිරිපත් කරනවා.
මේ ගිවිසුමෙන් නිව්ෆෝටරස් සමාගම සමඟ ගිවිසුමකට එළඹෙන්න කැබිනට් අනුමැතිය ලැබුණා. නමුත් මේ ගිවිසුම අත්සන් කර තියෙන්නේ එන්. එෆ්. සී. ශරී ලංකා පවර් හෝල්ඩිං සමග. කැබිනට් මණ්ඩල අනුමැතිය තියෙන්නේ නිව්ෆෝටරස් සමාගම සමඟ. නමුත් අත්සන් කර තියෙන්නේ වෙන සමාගමක් සමඟ. ඇමැති මණ්ඩලය බලය දීලා තියෙන සමාගම සමඟ නොවෙයි ගිවිසුම අත්සන් කර තියෙන්නේ. ශරී ලංකා පවර් හෝල්ඩිං සමාගමත් ඇමරිකාවේ ලියාපදිංචි කරනවා. ඇමරිකාවේ ලිපිනයකට ලියාපදිංචි කර තිබෙන්නේ. ඒ අනුව නිව්ෆෝටරස් සමාගම සමඟ අනුබද්ධ සමාගමක් සමඟයි ගිවිසුම අත්සන් කර තිබෙන්නේ. ඒ අනුව කැබිනට් මණ්ඩලයත් නොමඟ යැවීමක් ලෙස හඳුන්වන්න පුළුවනි.
මෙහි 13.1 වගන්තිය පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අවුරුදු 2 ක් යනතෙක් දෙපාර්ශ්වයේ එකඟතාවකින් තොරව රටට හෝ ජනතාවට හෙළි නොකර සිටීමට එඟවී තිබෙනවා. එහෙම කරන්න පුළුවන්ද? රජයේ දේපළ පිළිබඳව මේ රටේ දේපළ අයිතිය තිබෙන්නේ රටේ මහජනයාට. රජයේ කිසිදු දේපළක උරුමය මුදල් ඇමැතිට හෝ මුදල් අමාත්යාංශයේ ලේකම්ට පවරා නැහැ. මේ රටේ දේපළ පිළිබඳ අත්සන් කරන කවර හෝ ගිවිසුමක් මේ රටේ ජනතාවට දැන ගැනීමේ පරම අයිතියක් තිබෙනවා. ගිවිසුමට අනුව මෙම ගිවිසුම සභාගත කළ හැකි වන්නේ ඇමරිකානු සමාගම එකඟ වන්නේ නම් පමණයි.
ආර්ථික අර්බුදය පිළිබඳව විවිධ කතා පාර්ලිමේන්තුවට කිව්වා. පෝට් සිටි පනත අත්සන් කළ පසුව ඩොලර් ගලා එනවා කිව්වා. ඩොලර් ගැටලූව විසඳාගන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති වූ විට පරශ්නය විසඳෙනවා කිව්වා. මොළ හතක් තියෙනවා කිව්වා. ආණ්ඩුවේ අය මාධ්ය මගින් ජනතාව අන්දන්න මොන තරම් කතා කිව්වාද. කළු සල්ලි හැම තැනම තියෙනවා. ඒවා එළියට ආවට පස්සේ මේ පරශ්නය විසඳෙනවා කිව්වා. කළු සල්ලි සුදු කිරීමේ පනත සම්මත වී මාස 2ක් පමණ වෙනවා.
මෙමගින් කොපමණ මුදල් පරමාණයක් ලැබිලා තියෙනවාද කියා කියන්න. මහ බැංකුවේ අධිපතිකමට අජිත් කබ්රාල් පැමිණි පසු මේ ඩොලර් පරශ්නය විසඳෙන බව කිව්වා.
අද ඩොලර් සංචිතය ඩොලර් බිලියන 1.58ක් දක්වා අඩුවෙලා. රටට මෙතෙක් කිව්වේ නැහැ. මෙය අද දැඩි අර්බුදයක් බවට පත්වෙලා.
ඉන්දියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධ ඩොලර් මිලියන 500ක් ලැබෙනවා කිව්වා. ඒ කියන්නේ අපි ඉන්දියාවෙන් තෙල් මිලදී ගැනීම සිදුකළ යුතුයි. මේ සමාගම් අම්බානිට අයිති සමාගම්. මේ ගිවිසුමට යනවා නම් අම්බානි තමයි අපේ රටේ තෙල් මිල තීන්දු කරන්නේ. මුදල් ඇමැති වාහන, කිරිපිටි ආදිය ගෙන්වීම තව වසරකට විතර නවත්වන්න වෙනවා කිව්වා. ඒ කියන්නේ රටේ අර්බුදයේ පරමාණය. තෙල් මිලදී ගැනීමට ඇමැති අසීරුවෙන් මුදල් ඉල්ල ගත්තා. මේ අතුරේ යන රාජ්යයක්. මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. මේ කඩා වැටෙන්නේ ජනතාවගේ ආර්ථිකය. ඩොලරයේ විකෘතිතාවය නිසා ඩොලර් මිලියන 1700ක් විදෙස් ශරමිකයන්ගෙන් අහිමි වුණා. ඒ ගැනවත් සැලැස්මක් හදන්න තිබුණා. විදෙස් පේරෂණ ලබා ගැනීමට කිසිම සැලැස්මක් හදා නැහැ.
- අකිත පෙරේරා, රනිල් ධර්මසේන (දිවයින)

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...