Skip to main content

තිරුකෝවිල් පොලිස් ස්ථානයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මරුට ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකු රෝහල්ගත කෙරේ

 තිරුකෝවිල් පොලිස් ස්ථානයේ  වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මරුට ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකු රෝහල්ගත කෙරේ


තිරුකෝවිල් පොලිස් ස්ථානයේ සිකුරාදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තිරුකෝවිල් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු මිය ගිය අතර ස්ථාන භාර නිලධාරි (OIC) ඇතුළු තවත් තිදෙනෙකු රෝහල් ගත කර ඇත


 

ඊයේ සිකුරාදා රාත්‍රී 10.55 ට පමණ තිරුකෝවිල් පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් පොලිසියට ඇතුළු වී රාජකාරියේ සිටි තවත් නිලධාරියෙකු සතුව තිබූ ආයුධයක් උදුරා ගෙන ස්ථාන භාර නිලධාරියා ඇතුළු හය දෙනකුට වෙඩි තබා තම වාහනයේ නැගී පලා ගියේය.

මිනිත්තු කිහිපයකට පසු පොලිසිය, හමුදාව සහ විශේෂ බළකාය එම ස්ථානයට කැඳවා විපතට පත් වූවන් බේරා ගැනීමට කටයුතු කරන ලදී.

පසුව එම ප්‍රදේශයේ තරුණයන් සෙබළුන් සමඟ එක්වී තුවාලකරුවන් රෝහල් ගත කර ඇත ,ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් කර ඇත

වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන පොලිස් සැරයන්වරයෙකු ටී 56 ගිනි අවි දෙකක් සහ පතොරම් 19ක් සමඟ අත්තිමලේ පොලිසියට භාර වී ඇත 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 




 


 

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...