Skip to main content

චිලී ජනතාව මෙන් අවදිවෙමු. පුද්ගලයින් දිනවීම වෙනුවට රට දිනවමු.

චිලී ජනතාව මෙන් අවදිවෙමු.පුද්ගලයින් දිනවීම වෙනුවට රට දිනවමු.  
 
දුෂිත පාලනයන් එකිනෙක බිඳ වැටෙමින් ජනතාවාදී නායකයින් මේ වනවිට ලොව විවිධ රටවල ඉස්මතු වෙමින් පවතී. ශ්රී ලංකාවේද එය එසේම වේවායැයි පතමින් චිලි රටේ සිදුවූ ප්රගතිශීලි විජයග්රහණය පිළිබඳ විමසමු.
ලෝක ඉතිහාසයේ හා මානවාදයේ විශාල කළු පැල්ලමක් ඇති කරමින් එරට ඡන්දයෙන් පත් වූ ජනාධිපති සැල්වදෝර් අයන්ඩේගේ සමාජවාදී රජය ඇමරිකානු (CIA) සහය ලැබූ ජෙනරල් පිනෝෂේ හමුදා කුමන්ත්රණයකින් පෙරලා දමනුයේ 20,000කට අධික ජනතාවක් මරා දමමිනි. ඉන්පසු කාලය තුල පිනෝෂේ ගේ මරණෙන් පසුවත් චිලී රාජ්යය පාලනය කරනුයේ ඒකාධිපති ව්යවස්ථාවක්, ලිබරල් ආර්ථිකයක් හා හමුදා මානසිකත්වයක් මත ගොඩ නැගුනු සමාජයක් තුලය. ඊයේ (19) අවසන් වූ එරට ජනාධිපතිවරණයෙන් චිලී ජනතාව තීරණය කරනු ලැබුවේ තවදුරටත් එම පසුගාමී සමාජය සමග ඉදිරියට යනවාද නැතහොත් සැමටම සමානාත්මතාවය ලැබිය හැකි අවම හෝ නවීන ප්රගතිශීලි සමාජයක් වෙත පියවර තබනවාද යන්න තෝරා ගැනීමටයි.
ඒ අනුව ඊයේ පැවැත්වූ චිලී ජනාධිපතිවරනයෙන් චිලි ජනතාව තෝරා ගනු ලබනුයේ වඩාත් ප්රගතිශීලි හා නවීන සමාජයක් සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කල වාමාංශික පෙරමුණේ අපේක්ෂක Gabriel Boric ඇතුළු කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායමයි. එහිදී හිටපු ඒකාධිපති පිනෝෂේ ගේ ව්යවස්ථාව තව දුරටත් පවත්වාගෙන යාම සඳහා සටන් කල José Antonio Kast(44%) හට අන්ත පරාජයක් හිමි විය. ඒ අනුව වමේ අපේක්ෂක Gabriel Boric 56%ක් ලබා ගනිමින් මෙම ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වී ඇත.
Gabriel Boric තම දේශපාලන වැඩපිළිවෙල තුලින් නව ව්යවස්ථාවක් සම්මත කර ගැනීම, සමස්ථ දකුණු ඇමරිකාවේ නව ලිබරල්වාදයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චිලියේ ආර්ථික මොඩලය වෙනස් කොට සැමටම ආර්ථික ලාභ සමානව බෙදීයන සමාජයක් බිහි කිරීම, සෞඛ්යය හා අධ්යාපනය, විශ්රාම වැටුප් ගෙවීම සඳහා මේ දක්වා සිදුවන පුද්ගලික අංශයේ මැදිහත් වීම අවසන් කිරීම වැනි ප්රගතිශීලි යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇත.
“කල නොහැකි දේ කෙසේ හෝ කරමු” යන ආර්ජන්ටියානු විප්ලවාදියෙකු වූ අර්නස්ටෝ චේගුවේරාගේ සටන් පාථය Gabriel Boric ගේද ඉතා කුඩා අවධියේ සිට තම ශීර්ෂ පාථය ලෙස ඔහුගේ නිදන කාමරයේ අලවා තිබුණු බව ඔහුගේ දෙමව්පියන් පවසයි. 2011-2012 කාලය තුලදී එරට ශිෂ්ය ව්යාපාරයේ සභාපති වරයා බවට පත්වන Gabriel Boric අධ්යාපනය පුද්ගලිකකරණයෙන් මුදා ගැනීමට දැවැන්ත අරගලයකට නායකත්වය දුන් ශිෂ්ය නායකයෙකු විය. මෙම මැතිවරණයේදී Gabriel Boricහට ලොව පුරා වාමාංශික චින්තකයින් වන Noam Chomsky, Jeremy Corbyn, Naomi Klein ගෙන් මෙන්ම ලිබරල් දාර්ශනිකයෙකු ලෙස සැලකෙන Slavoj Zizekහි සහයද හිමිවී තිබිණි.
1973 දී හමුදා කුමන්ත්රණයකට සහය දී දැවැන්ත භිෂණයක් දියත් කල චිලියේ ජනාධිපතිවරණයට යම් හෝ මැදිහත් වීමක් සිදුකිරීමට මෙවර ඇමරිකාව ඉදිරිපත්වීමක් දක්නට නොවූ අතර José Antonio Kast 1934-1948කාලයේදී නාසිවාදී ජර්මන් ජාතිකයෙකු වූ ඔහුගේ පියාගේ නාසිවාදයත්, එසේම පිනෝෂේ හා හිට්ලර් ඇතුළු කලාපයේ රටවල පාලන බලය හෙබවූ සියළු ඒකාධිපතිවාදයන් කරපින්නාගෙන යාම හා ඔවුන්ගේ පැසිස්ට්වාදයන් අගයකිරීම නිසාත් José Antonio Kast වෙනුවෙන් ඍජුව පෙනී සිටීමට බටහිර හා ඇමරිකාවේ ලිබරල් චින්තකයින්ට නොහැකි වීම තුල ඇමරිකාවට පසුගියදා හොන්ඩියුරාස් හා පීරූ රාජ්යයෙන් පසුව ලතින් ඇමරිකාවේ තවත් රාජ්යයක් අහිමි වී ගොස් ඇති බව දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දෙති.

 

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...