Skip to main content

රථගාය නොමැති ඇමතිවරුන්ද දුටුවෙමි!

 රථගාය නොමැති ඇමතිවරුන්ද දුටුවෙමි!


 
රථගාය නොමැති ඇමතිවරුන්ද දුටුවෙමි!
ජවිපෙ අමතිධූර,දැරූ වකවානුවේ ඔවුන් අමාත්යාංශයවල වාහන පාවිච්චි කිරීම පිලිබඳ හිටපු අමාත්යාංශ ලේකම් A.P.A
.ගුණසේකර මහතා තැබූ ෆේස්බුක් සටහනක්....
රථගාය නොමැති ඇමතිවරුද දුටුවෙමි .
හිටපු රාජ්ය අමාත්යවරුන්ගේ රාජකාරි වාහන ආපසු ඒ ඒ අමාත්යාංශ වෙත ලබා ගැනීමට තිබූ බාධක පිළිබඳව පසුගිය දිනවල ජනමාධ්ය මඟින් ජනතාව වෙත වාර්තා වුනා . බොහෝ විට ජනතාව සිතනුයේ සියලුම ඇමතිවරු එම ගනයේ කියායි . ඇමතිවරුන් හා ඔවුන්ගේ ගොලබාලයන්ගේ වාහන තණ්හාව ගැන නිලධාරීන් භාවිතා කරන වචනය තමයි රථගාය . නමුත් එසේ නොවූ ඇමතිවරු කීප දෙනෙක් පිළිබඳව මගේ මතකයේ තියෙනව . මට හිතුනා ඒ පිළිබඳව මෙහි පෝස්ටුවක් පළ කළොත් හොඳයි කියල .
මම සංස්කෘතික අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සේවය කළ අවධියේ මගේ ඇමති වරයා වුනේ මොන්ටි ගොපල්ලව මහතා . උගත් වැදගත් ගතිගුණ තිබුනු ඇමතිවරයෙක් . ඔහු විනයක් ඇතිව කටයුතු කළ කෙනෙක් . මගේ මතකය අනුව මොන්ටි ගොපල්ලව ඇමතිවරයාට රථගාය වැලඳිලා තිබුනෙ නැහැ .
මම අධ්යාපන අමාත්යාංශෙ අතිරේක ලේකම් වශයෙන් සේවය කළ අවධියේ මගේ ඇමතිවරයා වුනේ ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතායි . ඔහුත් උගත් වැදගත් ගතිගුණ තිබුනු විනයක් ඇතිව කටයුතු කළ ඇමතිවරයෙක් . මගේ මතකය අනුව කරුණාසේන කොඩිතුවක්කු මහතාටත් රථගාය වැලඳිලා තිබුනෙ නැහැ . එක් අවස්ථාවකදි ඔහුගේ පක්ෂයේම දේශපාලනඥයෙක් රාජකාරි රථය භාර නොදී එය මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරමින් තිබූ අවස්ථාවෙ එය ලබා ගැනීමට මා පොලීසියේ පැමිණිලි කරන බව කිව්වම , කොඩිතුවක්කු මහතාගෙන් මට ලැබුන පිළිතුර තමයි " මම බාධා කරන්නෙ නෑ . ගුණසේකර නීතියට අනුව තමන්ගෙ රාජකාරිය කරන්ඩ " කියන එක . ඒ අනුව මගේ නිලධාරීන් පොලීසියෙ පැමිණිල්ලක් කළා . දවස් දෙකක් යන කොට ඒ දේශපාලනඥයා වාහනය අමාත්යාංශයට බාර දුන්නා .
වාහන පිළිබඳ සුවිශේෂම අත්දැකීම මම ලැබුවේ සංසකෘතික හා ජාතික උරුම අමාත්යාංශයේ ලේකම් වශයෙන් මා සේවය කළ අවධියේ මගේ ඇමති වූ විජිත හේරත් මහතා වෙතින් හා නියෝජ්ය ඇමති වූ සමන්ත විද්යාරත්න මහතා වෙතින් . ඔවුන් දෙදෙනාත් උගත් වැදගත් ගතිගුණ තිබුනු දැඩි විනයක් ඇතිව කටයුතු කළ දෙදෙනෙක් . ඒ අත්දැකීම අනන්යයි . එනිසා එය මම පහතින් විස්තර කරනව .
ඒ දෙන්න රාජකාරි බාර ගන්ඩ 2004 . 04 . 30 වැනි දින අමාත්යාංශයට පැමිණියේ ඔවුන්ගේ පක්ෂයට අයත් තරමක් පැරණි ඩබල් කැබ් රථයකින් සහපිරිවර කවුරුවත් නැතිව . එදා හවස් වරුවෙ මම ගිහින් ඔවුන්ට කිව්වා " ඔබ තුමන්ලගෙ වාහන සූදානම් . ඇවිත් බලල ඒවා බාරගන්න" කියල . එතකොට මට ලැබුන පිළිතුර තමයි
"ලේකම් තුමා අපට හදිස්සියක් නැහැ . පස්සෙ බලමු " කියන එක .
සති දෙකකට විතර පස්සෙ ඇමතිවරයා මට කතා කරල කිව්ව " ලේකම් තුමා අර අපට තියෙනවයි කිවිව වාහන අපි බලමුද " කියල . මම හා කියල පැය දෙකක් වෙලාව ඉල්ල ගත්තා , ගරාජවලින් වාහන එළියට අරගෙන දූවිලි පිහදමල එවා සූදානම් කරන්ඩ . මම ඒ වැඩ ටික කරවල වාහන පෙලට තියල ඇමති හා නියෝජ්ය ඇමති දෙදෙනාට ආරධනා කළා වාහන බලන්ඩ යං කියල . මාත් එක්ක විෂය බාර මගේ නිලධාරීනුත් ආවා .
මගේ මතකය නිවැරදි නම් එතැන වාහන 15 ක් විතර තිබුනා . ඒ වගේම ඒවා බෙන්ස් , වොල්වෝ , නිසාන් සෙඩ්රික් හා බීඑම්ඩබ්ලිව් වර්ග වලට අයත් අති සුඛෝපභෝගී වාහන බවයි මගේ මතකය . ඒවා ඉතාමත්ම හොඳ තත්වයේ තිබුනා .
ඇමතිවරයා හා නියෝජ්ය ඇමතිවරයා හෙමින් හෙමින් වාහන බලමින් වටයක් දෙකක් ගියා . ඊට පස්සෙ මගෙන් ඇහුවා " ලේකම් තුමා අපිට මේවයෙ යන්ඩ පුළුවන්ද ? " කියල . මට පුදුම හිතුනා . මට ක්ෂණිකව හිතුනා " මේ යක්කු ස්ටෙජ්වල සමාජවාදය ඇද බානව . ඒ වුනාට කෙරුවාව මෙහෙමයි . මේ ගොල්ලන්ටත් අර අනෙක් පක්ෂවල සමහර අයට තියෙන රෝගෙ , ඒ කියන්නෙ කලින් ඇමතිවරු භවිතා කරපු වාහන භවිතා කිරීමට තියෙන නොකමැත්ත තියෙනව " කියල . මගේ මුහුනේ ඇති වුනු වෙනස දැකල විජිත හේරත් ඇමතිවරයා මෙහෙම කිව්වා . " ලේකම් තුමා අපි මේ තනතුරුවලට තෝරල පත් කරල එව්වෙ මේ රටේ දුප්පත් මහජනයා . ඒ මිනිස්සු ගමනක් යන්ඩ ගියාම බස්හෝලට්වල වැස්සට තෙමෙනව . අව්වට වේලෙනවා . දූවිලි කාගෙන බස් එකක් එනකම් ඉන්නවා . බස් එකට නැග්ගට පස්සෙ කාන්තාවකට ආත්ම ගෞරවය රැකගෙන යන්ඩ බැහැ . මහජනයා තදවෙලා දාඩිය දාගෙන යන්ඩ ඔනෑ . ඉතින් අපිව පත් කරපු මහජනයා එහෙම පීඩා විඳිද්දි අපි කොහොමද මේ වගේ සුඛෝපභෝගී වාහනවල යන්නෙ ? අපිට ලැජ්ජාවක් තියෙනව " කියල . මේ වචන අහල මම පුදුම වුනා . මට මගේ කන් අදහ ගන්ඩ බැරිව ගයා . ඒ ගමන සමන්ත විද්යාරත්න නියෝජ්ය ඇමතිවරයා කියනව
" මේ වාහන අපේ අමාත්යාංශයේවත් තියා ගන්ඩ එපා . ඕවා ජනාධිපති කාර්යාලයයට යවල දාන්ඩ " කියල . ඒ ගමන මම ඇහවා
" එතකොට ඔබ තුමන්ලට වාහන කෝ " කියල . " අපි දෙන්නට ඩබල් කැබ් දෙකක් දෙන්ඩ ඒ හොඳටම ඇති " කියල විජිත හේරත් ඇමතිවරයා කිව්වා.
ඒ උපදෙස් අනුව අපි අර වාහන භාර ගන්ඩ කියල ජනාධිපති කාර්යාලයයට එදාම දැන්වුවා . අපරාදෙ කියන්ඩ බෑ පස්සෙන්දම ඒගොල්ලො ඇවිත් වාහන ටික අරගෙන ගියා . සංස්කෘතික අමාත්යාංශයේ තිබිච්ච හොඳම ඩබල් කැබ්ස් තුන කලින් හිටපු නියෝජ්ය ඇමතිවරයෙක් අරගෙන ගිහිල්ල ආපහු බාර දීල නැහැ . ඒවයෙ ෆයිල් අමාත්යාංශෙ තියෙනව . හැබැයි වාහන නැහැ . ඒවට මොනව වුනාද කියල කිසි කෙනෙක් දන්නෙ නැහැ . ඉතින් මොනව කරන්ඩද ? නිලධාරීන්ට රාජකාරි සඳහා තිබුනු පරණ ඩබල් කැබ්ස් දෙකක් වහාම රෙපයාර් කරල ඒ දෙන්නට දුන්නා . ඔවුන්ගේ කාර්ය මණ්ඩලයටත් චක්රලේඛය අනුව , පරණ වාහනම දුන්නා
ඇමතිවරයයි නියෝජ්ය ඇමතිවරයයි යන වාහන පරණ නිසා මඟදි කැඩෙනව . එහෙම වුනාම මට ටෙලිෆෝන් කරනව වෙන වාහනයක් එවන්ඩ කියල . ඒ අතරෙ අමාත්යාංයේ නිලධාරීන් කනුකුනුගානව ඒ ගොල්ලන්ට රාජකාරියට වාහන නැහැ කියල . බැරිම තැන මුදල් අමාත්යාංශෙ ලේකම්ට මම විස්තරේ කියල යැව්වා මේ ඇමති , නියෝජ්ය ඇමති දෙන්නට අළුත් ඩබල් කැබ්ස් දෙකක් මිලදී ගන්ඩ මුදල් ප්රතිපාදන ඉල්ලල . එම ඉල්ලීම සාර්ථක වුනා . පස්සෙ අපි නියමිත පටිපාටිය අනුව ටොයෝටා ඩබලි කැබ්ස් දෙකක් මිළ දී ගෙන මේ දෙපලට බාර දුන්නා .
මේ ඇමති ජෝඩුව රාජකාරි ආරම්භ කළේ අප්රියෙල් 30 වැනිදා . ඔක්තෝබර් මාසෙ දිනක
මගෙන් අහනව " ලේකම් තුමා අපි දෙන්නගෙ ඉන්ධනවලට වෙන් කරපු මුදල් කොච්චර ඉතිරි වෙලා තියෙනවද ? කියල . මම ප්රධාන ගණකාධිකාරී ගෙන්නල ඉතිරි මුදල කිව්වා . බොහෝම සුළු ප්රතිශතයක් තමයි වැය වෙලා තිබුනෙ . ඒ ගමන ඇමති විජිත හේරත් මහතා කියනව " ලේකම් තුමා අපේ සංස්කෘතික මධ්යස්ථානවල ඉන්න දුප්පත් දරුවොන්ට සංදර්ශනේකටවත් යන්ඩ බස් එකක් නැහැ නේද ? අපිට ඉන්ධනවලට වෙන් කරපු සල්ලිවලින් අමාත්යාංශෙට දොර දෙකේ ලොකු බස් දෙකක් ගන්ඩ " කියල . මම කිව්වා " අනේ ඇමති තුමා වැඩේ හොඳ වුනාට ගැටළුවක් තියෙනව . නිලධාරී වාදය කියල නම් කියන්ඩ එපා . මුදල් රෙගුලාසි අනුව පුනරාවර්තන මුදල්වලින් ප්රාග්ධන වියදම් දරන්ඩ බැහැ . මම අමාරුවෙ වැටෙනව " කියල . පස්සෙ අපි මුදල් අමාත්යාංශෙ ලේකම්ට විස්තරේ දන්වල විශේෂ අනුමැතියක් පැතුව . බස් දෙකේ ප්රමාණයට අපේ ඉන්ධන මුදල් එම අමාත්යාංශයට අරගෙන දොර දෙකේ ලොකු බස් එකක් ගන්ඩ අපිට මුදල් දෙන්ඩ මුදල් අමාත්යාංශෙ ලේකම් ක්රියා කළා .
අපි ටෙන්ඩර් පටිපාටියට අනුකූලව ලොකු බස් එකක් මිළ දී ගත්ත , අමාත්යාංශයේ හා සංස්කෘතික මධ්යස්ථානවල කටයුතු සඳහා .
අපි ඒ බස් එකේ පිටිපස්සෙ ලිව්වා , මේ බස් එක මිළ දී ගත්තෙ සංස්කෘතික හා ජාතික උරුම ඇමතිවරයගෙ හා නියෝජ්ය ඇමතිවරයගෙ ඉන්ධනවලට වෙන් වුන මුදල්වලින් කියල . එම බස් එක අමාත්යාංශෙ කටයුතුවලට බොහෝම ප්රයෝජනවත් වුනා . කිසිම දවසක ඉන් බරහැරව දේශපාලන කටයුතුවලට එය යෙදෙව්වෙ නැහැ . මේ බස් එක මෑතකදි මම දැක්කා . හැබැයි අර පිටිපස්සෙ ලිව්ව වගන්තිය එහි තිබුනෙ නැහැ . ඒක මකල දමල .
මේ පෝස්ටුව ටිකක් දීර්ඝ වුනා . ඒ වුනත් මේ විස්තර ඔබට කීම කාලීන අවශ්යතාවයක් කියල මම හිතනව . මොකද මේ රටේ රථගාය නැති මැති ඇමතිවරුත් හිටිය කියල පැහැදිලි කරන්ඩ .

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...