Skip to main content

ෆේස්බුක් එක රටට සහ ජනාධිපතිවරයාට ගරහනවා -පොලීසියට පැමිණිල්ලක් -

 ෆේස්බුක් එක රටට සහ  ජනාධිපතිවරයාට ගරහනවා  -පොලීසියට පැමිණිල්ලක් -


ශ්‍රී ලංකා රජයේ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීර්තිනාමය ජාත්‍යන්තර වශයෙන් කැළලක් සිදුකිරීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මේ පැමිණිල්ල සිදුකර ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු හා ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැඳුණු ඕෂල හේරත් මහතා විසිනි.

ඔහු පෙන්වාදී ඇත්තේ ෆේස්බුක් සමාගමට අයත් භයානක පුද්ගලයින් සහ සංවිධාන ලැයිස්තුවට එකම රටක් එකම නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා හා බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ නම ඇතුළත් කිරීමෙන් මෙය සිදුකර ඇති බවයි.

ඥානසාර හිමිගේ නම එම ලයිස්තුවට ඇතුළත් කර ඇත්තේ 2018 වසරේ සිට ශ්‍රී ලංකාව හා සම්බන්ධව ප්‍රතිපති කලමනාකරුවන් ලෙස ෆේස්බුක් සමාගම නීතිඥ සෙනුර අබේවර්ධන (https://www.linkedin.com/in/senura-abeywardena-934862107/) සහ ආචාර්ය යසස් විශුද්ධි අබේවික්‍රම (https://www.linkedin.com/in/dr-yasas-vishuddhi-abeywickrama/) යන අය පත්කර සියදී බවද ඔහුගේ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.

(සෙනුර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හර්ෂ අබේවර්ධන මහතාගේ පුත්‍රයාය)

ෆේස්බුක් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන, මෑතකදී ජාත්‍යන්තර මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට ලක්කරන ලද භයානක පුද්ගලයින් සහ සංවිධාන ලැයිස්තුව තුල ශ්‍රී ලංකාවට අයත් සංවිධාන 3ක නම් අඩංගු කර ඇති බවත්, එහි ඇතුළත් අනෙක් නම් දෙක වන්නේ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) හා සිංහලේ ජාතික බලමුළුව යන සංවිධාන බවයි.

තවද ෆේස්බුක් ආයතනය, ශ්‍රී ලංකා රජය මගින් තහනම් කර ඇති, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සෘජුව වගකිව යුතු ත්‍රස්තවාදී සහරාන් හෂීම් සහ අන්තවාදී ජාතික තවුහිද් ජමාත් සංවිධනය එම ලැයිස්තුවට ඇතුළත් කිරීමට කටයුතු කර නොමැති බවද ඔෂල මහතා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

" බහුතර බෞද්ධ ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ, රජය මගින් ඉතා ඉහල පිළිගැනීමක් සහ ගෞරාවයක් ලබා දෙමින් ‘එකම රටක් එකම නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පත්කර ඇති පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නායකත්වය දරණ බොදු බල සේනා සංවිධානය භයානක සංවිධාන ලෙස නම් කර, ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදීයකු ලෙස නම් කර ඇති සහරාන් හෂීම් සහ අන්වාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති ජාතික තවුහිද් ජමාත් සංවිධනය එසේ නම් නොකිරීම මගින් ශ්‍රී ලංකාව තුල වාසය කරන ජාතින් අතර අනවබෝධය, අසමගියක් සහ වෛරයක් ඇතිකිරීමට කටයුතු කර තිබේ."

ඒ අනුව මගේ මෙම ලියවිල්ල පැමිණිල්ලක් සේ සලකා මේ පිළිබද කඩිනම් ආපක්ෂපාති විමර්ශනයක් සිදුකර ෆේස්බුක් ආයතනය හෝ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිවද නිතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලමි.

සෙනුරට ලියුම දැම්මම මට ස්ට්‍රයික් 371ක් ආවා - ඕෂල

මේ පැමිණිල්ල සම්බන්ධයෙන් අප ඕෂල හේරත් මහතාගෙන් කළ විමසීකදී ඔහු කියා සිටියේ පොලිසියට පැමිණිලි කිරීමට පෙර තමා ශ්‍රී ලංකාව හා සම්බන්ධව ෆේස්බුක් සමාගමේ ප්‍රතිපති කළමනාකරුවන් ලෙස සිටින නීතිඥ සෙනුර අබේවර්ධන මහතා පසුගිය 16 වැනිදා ලිඛිතව දැනුවත් කළ බවත්, ඉන් පසුව තමාගේ ෆේස්බුක් ගිනුමට ස්ට්‍රයික්ස් 371ක් වැදුන බවයි.

මේ වසරේ තමාට එසේ ස්ට්‍රයික්ස් වැදී තිබුණේ 5ක් පමණක් බවත් ඔහු කියා සිටියේය.

තම පෞද්ගලික ෆේස්බුක් ගිනුම තුළ එක්ලක්ෂ එක්දහසක පිරිසක් සිටින බවත්, තමා විසින් කරනු ලබන තවත් ප්‍රසිද්ධ ෆේස්බුක් ගිනුමක් වන Sri Lankans for Sri Lanka හි ලක්ෂ පහමාර ඉක්මවූ පිරිසක් සිටින බවද ඔහු කියා සිටියේය.

 

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...