Skip to main content

"අනුර හෙළිකළ යුගදනවි හෙලුව"

 "අනුර හෙළිකළ යුගදනවි හෙලුව"


 
කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් නොකර, ආණ්ඩුව හොර රහසේ අස්සන් කළ නිව් ෆෝට්රස් ගිවිසුමේ ඇතුළත් කරුණු හෙළිදරව් කරමින්, ජනතා විමුක්ති පෙරමුණේ, නායක අනුර කුමාර දිසානායක එම ගිවිසුමේ පිටපතක් අය-වැය විවාදය අවසන් දිනයේ පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.
මෙම ගිවිසුම නිව් ෆෝට්රස් සමාගම සමඟ අස්සන් කර ඇති බවට කැබිනට් මණ්ඩලය සඳහන් කළත්, එම ගිවිසුම් පිටපතට අනුව එය අස්සන් කර තිබෙන්නේ, ශ්රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් නමැති සමාගමක් සමඟ බවත්, එම සමාගමේ ශාඛාවක් ඇමෙරිකාවේ ලියාපදිංචි කර ඇතැයිද දිසානායක මහතා පෙනවා දුන්නේය.
මෙම ගිවිසුම රටට ඉදිරිපත් කරන ලෙසත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත්, ආණ්ඩුව එය මඟහරිමින් සිටි බවද දැන් එම පිටපත තමාට ලැබී ඇති බැවින් එය සභාගත කරන බවද පැවැසීය.”
“මුදල් අමාත්යාංශය විසින් 2021 සැප්තැම්බර් 6 වැනි දින ඉදිරිපත් කරන ලද කැබිනට් පත්රිකාව අනුව එහි 8 (2) වගන්තිය අනුව භාණ්ඩාගාර ලේකම්තුමාට බලයක් දෙනවා, ‘නිව් ෆෝට්රස් එනර්ජි සමාගම’ සමඟ ගිවිසුම් අස්සන් කරන්න කියලා. මා දන්නා පරිදි ඒ ගිවිසුම පාර්ලිමේන්තුවටවත්, කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කරලා නැහැ”යි දිසානායක මහතා පැවැසීය.
සෙලර් හැටියට ශ්රී ලංකා ආණ්ඩුවත්, බයර් හැටියට ශ්රී ලංකා පවර් හෝල්ඩින් සමාගමත් අස්සන් කරපු ගිවිසුම. ශ්රී ලංකා රජය වෙනුවෙන් අස්සන් කරලා තිබෙනවා යැයි මන්ත්රිවරයා පෙන්වා දුන්නේය.
“මේක පෞද්ගලික දේපළක් පවරාදීමක් නොවෙයි. තමුන්නාන්සේලාගේ යම් බලයක් ඇටෝනි බලපත්රයක් හරහා තව කෙනකුට පවරාදීමක් නොවෙයි. මේක රටේ බලශක්ති ක්ෂේත්රයක්. මේ වෙනකොටත් රජයේ ආයතන ගණනාවකට හිමිව තිබෙන කෙරවළපිටිය බලාගාරයත් ඇමෙරිකානු සමාගමකට පවරා දීමට සකසනු ලැබූ ගිවිසුමක්” යැයි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
“මාස එකහාමාරකට වැඩි කාලයක් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කිව්වත් කළේ නෑ. කැබිනට් මණ්ඩලයෙන් අවසර දෙන්නේ නිව් ෆෝට්රස් එනර්ජි (NFE) කියන සමාගම සමඟ ගිවිසුම අස්සන් කරන්න. හැබැයි අස්සන් කරලා තිබෙන්නේ ශ්රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන සමාගම සමඟ. කැබිනට් මණ්ඩලයෙන් බලය දෙන සමාගම සමඟ නෙමෙයි මේක අස්සන් කරලා තියෙන්නේ. ශ්රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන සමාගමක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි කරලා තියෙනවා. මම දන්නෑ ශ්රී ලංකා හෝල්ඩින්ග්ස් සමාගමක් ඇමෙරිකාවේ රෙජිස්ටර් කරපු සමාගමක්ද කියලා” යැයි හෙතෙම කීය.
ඒ නිසා හරි පැහැදිලියි කැබිනට් මණ්ඩලයේ බලය දුන්නේ නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට හැබැයි අස්සන් කරලා තිබෙන්නේ නිව් ෆෝට්රස් සමාගමකට අනුබද්ධ හෝල්ඩින් සමාගමක් සමඟ. ඒ නිසා කැබිනට් මණ්ඩලයත් නොමඟ යැවීමක් බව පැහැදිලියි” යැයි මන්ත්රිවරයා සඳහන් කළේය.
“මෙහි 13 (1) වගන්තියේ සඳහන් කරල තිබෙනවා අවුරුදු දෙකක් යන තෙක් දෙපාර්ශ්වය අතර එකඟතාවකින් තොරව රටට හෝ ජනතාවට මෙම ගිවිසුම ප්රකාශයට පත් නොකර සිටිය යුතුයි කියලා. එහෙම කරන්න පුළුවන්ද මේ රටේ දේපළ පිළිබඳව. දේපළ අයිතිව තිබෙන්නේ ජනතාවට. මුදල් අමාත්යාංශ අමාත්යවරයාට හෝ එහි ලේකම් ආටිගලට පවරලා නෑ. ඒ නිසා මේ රටේ දේපළ පිළිබඳව අස්සන් කරන ඕනෑම ගිවිසුමක් ජනතාවට දැනගැනීමට අයිතිය තිබෙනවා” යැයි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
“මේකේ 3 (2) වගන්තියේ කියනවා ඉදිරි ගිවිසුම් අස්සන් කරනකොට ශ්රී ලංකා පවර් හෝල්ඩින් සමාගමට ළැදියාවක් සහිතව, අනුග්රහය දක්වන පරිදි ඉදිරි ගිවිසුම් අස්සන් කළ යුතුයි කියලා. ගිවිසුම ඉදිරිපත් නොකළ හේතුව දැන් පැහැදිලියි” යැයි හෙතෙම පෙන්වා දුන්නේය.
- අනුරාධා හේරත් (මව්බිම)

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...