Skip to main content

දරුවෙකුට නිදහස් අධ්‍යාපනය ලබා දුන් පියෙක් සහ නිදහස් අධ්‍යාපනය ලබා ගත් දියණියක්

 දරුවෙකුට නිදහස් අධ්යාපනය ලබා දුන් පියෙක් සහ නිදහස් අධ්යාපනය ලබා ගත් දියණියක්


අමා මන්දස්මිතා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ගේ දෙටු දියණියය. ඒ දියණිය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි ඉංජිනේරු අංශයෙන් ප්‍රථමයා වී සිය උපාධිය හිමිකරගත්තාය. ඇය සරසවි ප්‍රවේශ වන්නේ විශාඛාවේ දක්ෂම දියණිය ලෙසිනි. පොදු මනුෂ්‍ය ජීවිතයේ අත්විඳින දුර්භෝග වැඩිපුරම විඳිමින් තාත්තාගේ දේශපාලන වරදානයන්ගේ ප්‍රභාව නොලද සිය දියණිය ලද ජයග්‍රහණය පිළිබඳ ඉපිලෙන සිතින් චම්පික රණවක විසින් මේ සටහන ඊයේ සිය ෆේස් බුක් ගිනුමේ තබා තිබිණි.

හයිමන් ජෝර්ජ් රික්ඕවර් නම් එක්සත් ජනපද නාවුක අද්මිරාල්වරයා න්යෂ්ටික සබ්මැරීනයේ පියා ලෙස හැඳින්වේ. ඔහු කළ වැදගත් ප්රකාශයක් වූයේ 1965 උපන් X පරපුර සිය ජීවිත කාලය තුළම ඉන්ධනයක් ලෙස තෙල් භාවිත කිරීමේ අවසානය දකිනු ඇති බවය. මා අයත් වන්නේ ඒ පරපුරටය.
මගේ දියණිවරු අයත් වන්නේ 1995 න් පසු ඇරඹෙන Z පරපුරටය.
මගේ වැඩිමහල් දියණිය අමා මන්දස්මිතා අද දින (22.12.2021) මොරටුව විශ්ව විද්යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය ලබාගත්තාය. ඇයට පළමු පෙළ සාමාර්ථයක් ලබා ගැනීමට ද දෙපාර්තමේන්තුවේ පළමුවෙනියා වීමට ද හැකි විය. ඇගේ ඒ ජයග්රහණයන් පිළිබඳව සඟවා ගත නොහැකි ආඩම්බරයක් මට තිබේ.
ඇයට හා ඇගේ වසර කණ්ඩායමේ ඇගේ සහෝදර සියලු උපාධිධාරීන්ට මාගේ සුබ පැතුම්!
අමා මන්දස්මිතා මේ ගමන ආවේ විවිධ දුක් ගැහැට මැද ය. මා ඇයගේ පියා වීම නිසා ඇයට ගැරහුම්, අපහාස, අවමාන ලැබිණි. ඒවාට ඇය මට සමාව දෙනු ඇතැයි සිතමි. එසේම ඒ සියලු හැලහැප්පීම් මැද ඇගේ මව ඇයට විශාල ශක්තියක් වූ බවද කිව යුතුමය.
ඇය පාසල් ගියේත් විශ්වවිද්යාලයට ගියේත් පොදු ප්රවාහණයෙනි. මා මෙන්ම ඇය ද විශ්ව විද්යාලයට ගියේ කොට්ටාව – ගල්කිස්ස 255 බස් රථයෙනි. මට ඉගැන්වූ ගුරුවරු ඇයගේ ද ගුරුවරු වූහ. මගේ සමහර සමකාලීනයෝ ද ඇයගේ ගුරුවරු වූහ.
ඒ සියළුදෙනාට ඇයගේ ජයග්රහණය ඉදිරියේ ස්තූතිවන්ත වෙමි.
එමෙන්ම ඇය උගත් විශාඛා විද්යාලයේ හිටපු විදුහල්පතිනිය ඇතුළු ගුරු භවතුනට ද මගේ ස්තූතිය පිරිනමමි. ඔවුනගේ ශක්තිය හා රැකවරණය නොවන්නට ඇය විශාඛාවේ හොඳම ශිෂ්යාව වීමට ඉඩ නොතිබිණි.
ඉංජිනේරු විද්යාවට අමතරව ඇය කළමනාකරණය හා විවිධ භාෂා ප්රවීණත්වය ද ලබා ගත්තාය. නීති විද්යාල ප්රවේශයෙන් ද ලංකාවේ පළමුවැනියා විය.
1943 දී කන්නංගර මහතා ප්රමුඛ ප්රගතිශීලීන් නිදහස් අධ්යාපනය මේ රට තුළ ස්ථාපිත නොකරන්නට මාගේ දියණිය වැන්නවුන් බිහිවන්නේ නැත.
ඇයට මා ඇමතුවේ ‘ලොකු පුතා’ කියාය. පිටස්තරයින් ඉදිරියේ දී ‘අපේ ලොකු මිනිහා’ විය. ඒ ඇමතුම ඇතැමුන් පුදුමයට පත් කළ ද ඇයට ඒ යෙදුම් ගැලපෙන්නේ තරුණියක් වුවද මවක් මෙන් සංයත හා පියෙක් සේ පරිණත නිසා ය.

 

 

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...