Skip to main content

දැන් මේ රටට අලුත් පාලනයක් සහ නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි

 දැන් මේ රටට අලුත් පාලනයක් සහ නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි 


කාලීන දේශපාලනය පිළිබඳ ඉරිදා ලංකාදීප සමගින් මේ කතාබහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක සමඟය.
සජිත් ප්රේමද‌ාසල නම් ඔන්න පාරට බැස්සා. අනුර කුමාරල පාරට බහින්නේ කවද්ද?
පහුගිය කාලය පුරාම ගොවි ජනතාවගේ ප්රශ්න එක්ක, ගුරුවරුන්ගෙ ප්රශ්න එක්ක සහ පොදුවේ ජනතාවගේ ප්රශ්න එක්ක පාරට බැස්සා. ඒක නිසා අමුතුවෙන් පාරට බහින්න කියල දෙයක් නෑ. ඒ වගේම එළඹෙන 23 වෙනිද‌ාත් කොළඹදී විශාල උද්ඝෝෂණයක් සංවිධානය කරල තියෙනවා.
මේ වෙද්දි මුළු රටේම විශාල උනන්දුවක් උද්‌යෝගයක් තියෙනවා මේ ආණ්ඩුව එළවා හැරීම කෙරෙහි. නමුත් පලවා හැරීම වගේම අපි අවධානය යොමු කරන්න ඕන විශේෂම කාරණය තමයි එහෙම පලවා හැරීමෙන් පස්සෙ ගොඩනගන අලුත් පාලනය කුමක් ද කියන එක. ඒ ගැන ජනතාව එක්ක සංවාදයක් අවශ්යයි.
එතකොට ඔබලා දැන් කරන්නේ අලුත් පාලනයක් ගැන සංවාදය ද මේ?
පහුගිය කාලය පුරාම අපේ රටේ ආණ්ඩුවක් පෙරළන්න උත්සා කළේ ඒ ආණ්ඩුව කෙරෙහි බරපතළ විරෝධය ආපු නිසා. හැබැයි නැවත ගොඩනැගෙන ආණ්ඩුව ඒ තිබුණු ආණ්ඩුවටත් වැඩියෙන් ජනතා විරෝධී වැඩවලට පෙළඹෙනවා. උද‌ාහරණයක් හැටියට 2015 දී රාජපක්ෂ පාලනය පෙරළන්නේ ඒක හොරකම්, වංචා, දූෂණවලින් පිරිච්ච ආණ්ඩුවක් කියලනේ. හැබැයි එයින් පස්සෙ ගොඩනැගෙන මෛත්රී-රනිල් හවුල් ආණ්ඩුව හැසිරුණේ ගෙදර යවපු රාජපක්ෂ පාලනය තව හොඳයි කියලා හිතෙන තරමෙ නරක විදියට. සමහර මිනිස්සුන්ට එහෙම හිතුනාවෙන්න පුළුවන්. මොකද ඒ පාලනය ඒ තරම් නරක විදියට වැඩ කළේ. අපේ රටේ අසාර්ථකම, දුබලම, තීන්දුවක් කෙළින් ගන්න බැරි නායකයා විදියට හංවඩු ගැහුණු මෛත්රිපාල සිරිසේනත් මීට වඩා හොඳයි කියලා වර්තමානයේ ඇතැම් දෙනාට හිතෙන තරමට අද ගෝඨාභය රාජපක්ෂ නරක තැනකට වැටිල ඉන්නේ. ඒකෙන් පෙන්නුම් කරන්නේ ගෝඨාභයගෙ පාලනය යහපාලනයටත් වඩා හැම අතින්ම අසාර්ථක බව. පහුගිය වසර 74 ම ජනතාව අරයට මෙයාට රට කරන්න මාරුවෙන් මාරුවට දිදී හිටියා. ඒක නිසා අද අවශ්ය වෙලා තියෙන්නේ වර්තමාන ආණ්ඩුව පළවා හරිනවා වගේම 74 වසරක සාපයෙන් මිදුණු අලුත් ප්රගතිශීලි පාලනයක් බිහිකර ගැනීම. ඒ සංවාදය අපි ජනතාව එක්ක කරගෙන යනවා. කලබලයෙන් ආණ්ඩු පළවා හැරලා ඊට වඩා නරක පාලනයක් ගේනවට වඩා අද අපිට අවශ්ය වෙලා තියෙන්නේ අද පවතින අර්බුදයෙන් ගොඩ ගත හැකි සුබවාදී පාලනයක්.
2015 ඔබලා වෙරද‌ාල රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න වැඩ කළා. ඔබලා පොලු ගැහුවට ගෙඩිය වැටුණෙ මෛත්රීගෙයි-රනිල්ගෙයි ඔඩොක්කුවට. මේ සැරෙත් ඔබල පොලු ගහනව. ගෙඩිය සජිත්ගෙ ඔ​ඩොක්කුවට වැටෙන එකක් නැද්ද? අන්තිමට ඔබලා හැමද‌ාම පොලු ගහනවා විතරයි.
2015 දී සමාජයේ පොදු මතයක් ගොඩනැගුණා රාජපක්ෂ පාලනය අවසන් කරන්න ඕනැ කියලා. ඒකට විශේෂ හේතුව රටේ ප්රජාතන්ත්රවාදය බරපතල ලෙස බිඳ වැටිලාය කියන එක. ඒ නිසා ඒ වෙලාවෙ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව බොහෝ දෙනා එක මතයක හිටියා. පුරවැසියන්ට වෙඩි තියපු, මාධ්යවේදීන්ට වෙඩි තියල මරපු, සමාජයම භීතියට පත්කරපු ආණ්ඩුව පළවා හැරිය යුතුයි කියන පොදු මතයක බොහෝ දෙනා හිටියා. ඒක තමයි ඒ මොහොතේ රටේ තිබුණු බහුතරයේ පොදු මතය. ඒත් අද තත්ත්වය ඊට වෙනස්. අද ගෝඨාභයගේ ආණ්ඩුවට විරෝධයක් තියෙනවා වගේම ගෝඨාභය ජනාධිපති කරවන්න තරම් විරෝධයක් ගොඩනැගුණු යහපාලනයට සම්බන්ධ පිරිසටත් එවැනිම විරෝධයක් තියෙනවා. මේක විශේෂ තත්ත්වයක්. දැන් රටට අලුත් පාලනයක් අලුත් දේශාපාලන සංස්කෘතියක් අවශ්යයි. එවැන්නක් ගොඩනගා ගැනීමට අපොහොසත් වුණොත් වෙන්නේ මේ තත්ත්වය තවදුරටත් තීව්ර වෙන එක විතරයි. ජනතාව අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගෙන තියෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා පරණ සාම්ප්රද‌ායික බල හුවමාරුවකට තවත් ජනතාව ඉඩක් දෙන එකක් නෑ කියලා.
ප්රායෝගිකව ගත්තොත් සීයට තුනක් තියෙන ඔබලාට වඩා ඔය ගෙඩිය සජිත්ගෙ ඔඩොක්කුවට වැටෙන්න තියෙන ඉඩ වැඩියි කියල බැලූ බැල්මට වුණත් පේන්නේ නැද්ද?
සාම්ප්රද‌ායික බල හුවමාරුවක් නම් වෙන්නේ ප්රතිඵලය ඕක වෙන්න ඉඩක් තියෙන්න පුළුවන්. හැබැයි මේ අර්බුදයේ නිර්මාණකරුවන් දෙපිරිසම එක ලෙස පරාජය කළ යුතුයි කියන අදහසේ ඉඳගෙන ජනතාව ක්රියා කළොත් ප්රතිඵලය ඕක නෙවෙයි. ඒක තමයි විය යුත්තේ. අපේ අරගලයත් ඒ සාම්ප්රදායික බල හුවමාරුවෙන් ඔබ්බට ගිය දේශපාලන සංස්කෘතියක් ඇති කරගැනීම තමයි. ඒකට ජනතාව සූද‌ානම් කියලා අපි විශ්වාස කරනවා.
තෙල් පෝලිම්වල ඉද්දී, ගෑස් පෝලිම්වල ඉද්දී තියෙන මිනිස්සුන්ගේ ඔය ආවේගශීලි අදහස් මැතිවරණයක් කිට්ටුව දියවෙන එකක් නැද්ද?
එක අවස්ථාවක් තියෙනවා කොච්චර ප්රශ්න අර්බුද තිබුණත් මිනිස්සු ඉවසාගෙන ඉන්න. නමුත් අද මේ ඇතිවෙලා තියෙන තත්ත්වය මේ රටේ මෙතෙක් ඇති නොවුණු සුවිශේෂි අර්බුදකාරී තත්ත්වයක්. ඒ නිසා මම හිතන්නේ නෑ ජනතාව මීට පෙර වගේ ක්රියා කරයි කියලා. මේක වෙනද වගේ ආවේගශීලිව ආණ්ඩුවට බැණලා අමතක කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. අපි හිතන්නේ නෑ ඒ නිසා නැවත මේ ආණ්ඩුවට නම් කිසිම මැතිවරණයකින් ජයග්රහණයක් ලබන්න පුළුවන් වෙයි කියලා.
අපි දැන් කතාකරමුකො මේ ආර්ථික අර්බුදයට ඔබේ විසඳුම මොකක්ද කියලා විවේචනය වගේම විසඳුමකුත් තියෙන්න ඕනනේ ඔබට.
මේ අර්බුදය ඕපපාතිකව නිර්මාණය වූවක් නෙවෙයි. දිගු කාලයක් අපේ රට අනුගමනය කරන ලද ආර්ථික ප්රතිපත්තියේත්, වංචාව දූෂණය පිරුණු මේ මජර සංස්කෘතියේත් අනිවාර්ය ප්රතිඵලය තමයි මේ. මේ අර්බුදයට කෙටිකාලීන වගේම දිගුකාලීන විසඳුම් හොයන්න වෙනවා. ඒ සඳහා වංචාවා, දූෂණය හොරකම නැති පාලනයක් අවශ්යමයි. බොහෝ අය කියනවා වංචාව දූෂණය නැති වූ පමණින් රට ගොඩගන්න බැරි බව. හැබැයි රට ගොඩගන්න නම් ඒක මුලින්ම කළ යුතුම කාර්යයක්. දෙවනුව මේ රටේ මහජනයාගෙන් හොරකම් කළ දේපොළ යළි රටට පවරා ගත යුතුයි. ඒ වගේම මේ ඩොලර් අර්බුදයෙන් ගොඩඑන්න නම් ශ්රමිකයින්ගෙන් ලැබෙන ආද‌ායම වැඩි කර ගැනීමත් අපනයන වලින් ලැබෙන ආද‌ායම වැඩිකර ගැනීමත් වගේම ණය ප්රතිව්යූහගත කිරීමකටත් අපි යා යුතුයි. ඒ වගේම අපේ රටේ මානව සම්පත උපයෝගී කරගත් යම් මධ්යකාලීන ආර්ථික සැලසුමකටත් යන්න ඕන. අවුරුදු 74 ක විනාශය අවුරුද්දෙන් දෙකෙන් ගොඩද‌ාගන්න බැරිවෙයි. ඒ නිසා සැලසුම් සහගත මධ්යකාලීන ආර්ථික වැඩපිළිවෙළක් හරහා මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියල අපි හිතනවා.
ලස්සන කතා කිව්වට ඒ කියන කතා මේ පොළොවේ ක්රියාත්මක කරන්න පුළුවන් මිනිස්සු ජේ.වී.පී. එකට ඉන්නවද කියලත් සමහරු ඔබල විවේචනයට ලක්කරනවා.
මෙතෙක් මෙරට පාලනය කරපු හැම පාලනයකටම වඩා ඒ ඒ විෂයන් පිළිබඳ ප්රාමාණික දැනුමක් තියෙන ඒ ඒ විෂයයන් පිළිබඳ ප්රායෝගික අත්දැකීම් තියෙන, ඒ ලබා දෙන වගකීමට නිවරැදිව ඉටු කිරීමට සමත් අදූශිත, අවංක පිරිසක් අපි සතුව ඉන්නවා. ඒ ගැන කිසිම සැකයක් ඇතිකරගත යුතු නැහැ. එහෙම පිරිසක් ඉන්නේ අපි ගාව විතරයි කියලත් වගකීමෙන් කියන්න පුළුවන්. ඒ නිසා මේ ඇති වී තිබෙන අර්බුදයෙන් ගොඩ එන්න නම් මාවත් ගොඩක් නෑ. එකම මාවත අපි යෝජනා කරන මාවත විතරයි.
ජේ.වි.පී. එකේ අයට ඉන්නේ ඇඳුම් තැගි දෙන, නොමිලේ කොණ්ඩෙ කපල දෙන යාළුවොනෙ. හැබැයි සජිත් ප්රේමද‌ාස කියනවා අවුරුදු කීපයකට වුණත් ඉන්ධන තෑගි දෙන ජාත්යන්තර යාළුවො එයාලට ඉන්නවා කියලා.
ඔබලට නැද්ද එහෙම යාළුවො?
රාජ්ය තාන්ත්රිකත්වය කියන්නේ ද‌ානමය පිංකම් නෙවෙයි. සජිත් ප්රේමද‌ාස කියන ජාතියේ වගකීම් විරහිත විහිළු ප්රකාශ කරන්න තරම් අපි දේශපාලන වශයෙන් බොළඳ තැනක නෑ. මේ වාගේ කතාවලින්ම තේරෙනව ඔවුන්ගේ රාජ්යතාන්ත්රිකභාවය. පහුගිය පාලනයන් තුළ අපි දැක්කෙ රාජතාන්ත්රික ගනුදෙනු වෙනුවට රට රටවල් එක්ක ඒ රටවල්වල සමාගම් එක්ක සිද්ධ වෙච්චි ඩීල්. අපිට ඊට වඩා ප්රතිපත්තිමය රාජ්යතාන්ත්රික වැඩපිළිවෙළක් තියෙනවා. ඒක තෙල් ටිකක් දෙන ඩොලර් ටිකක් දෙන යාළුවො ඉන්නවා කියලා පම්පෝරි ගහන ජාතියෙ එකක් නෙවෙයි.
දැන් ආණ්ඩු විරෝධී චරිත එළිබහිනවා හරියට. ඔබලගෙ පැරණි සගයෙක් වෙච්ච විමල් වීරවංශ තමයි දැන් කරළියේ රඟන්නේ. ආණ්ඩු විරෝධී ක්රෙඩිට් එකෙන් කොටසක් ඒ මිත්රයටත් යනවා නේද මේ වෙලාවෙ?
ඔවුන් මේ අර්බුදයේම පියවරු හැර වෙන අය නෙවෙයි. දැන් මොන විවේචන කළත් මේ අර්බුද නිර්මාණය කිරීමේ නිර්මාපකයො තමයි ඔවුන්. මේක පොඩි මණ්ඩලයේ කචල් එකක් වගේ වැඩක්. ඒක අපි එච්චර සැලකිල්ලක් දක්වන්න ඕන දෙයක් නෙවෙයි. තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් කරන කෙඳිරිගෑමක් හැරෙන්න වෙන දෙයක් ඔතන අපිට පේන්නෙ නෑ. ඕව තීරණාත්මක දේශපාලන සාධක නෙවෙයි.
දැන් වටෙන්ම ගුටි කන චරිතය තමයි බැසිල් රාජපක්ෂ, බැසිල් ගැන ඔබලගෙ අදහස කොයි වගේද?
මේක සමස්ත ආණ්ඩුව බේරල බැසිල් චූදිතය කරල බේරෙන්න පුළුවන් එකක් එහෙම නෙවෙයි. මේක බැසිල්ගෙ විතරක් ප්රශ්නයක් නම් ගෝඨාභයල මහින්දලා බබ්බුද කියලා තමයි අහන්න වෙන්නෙ. මීට කලින් එහෙම චරිතයක් විදියට අපි දැක්කෙ පී.බී. ජයසුන්දර. ඔක්කොම ආරවුල් පී.බී. නිසා කියල අත හෝදගන්න තමයි කට්ටිය උත්සාහ කළේ. දැන් පී.බී. අයින් කළා කියල ප්රශ්නය ඉවරද? බැසිල් කියන්නෙත් එහෙම චරිතයක්. මේ අර්බුදයට මේ හවුල් පාලනයේ සියලු දෙනා එක ලෙසටම වගකිව යුතුයි. ඒකෙන් ගෝඨාභයටවත් මහින්දටවත් බැසිල්ටවත් විමල්ටවත් අනෙක් අයටවත් ගැලවීමක් නෑ. හරි හරියට කට්ටිය කවුරුත් එකතුවෙලා තමයි රටට මේ විනාශය කෙරුවෙ. බැසිල් රාජපක්ෂ පිළිබඳව බරපතළ චෝදනා විවේචන රාශියක් තියෙනවා. ඒව ඒ ලෙසම තියෙනවා. හැබැයි මේ අර්බුදයට බැසිල් තනියම වගකියන්න ඕනෑ වගේ මතයක් හදන එක වැරදියි. අයියල, මල්ලිල, බාප්පල, පුතාලා ඒ වටේ ඉඳපු අනෙක් සියලු දෙනා මේකෙ කොටස්කාරයො
දැන් ආපහු කරළියට ආපු මාතෘකාවක් තමයි ජාතික ආණ්ඩුවක් පිළිබඳ කතාව. මේ ගැන මොකද හිතන්නේ?
මේ ගොල්ලොන්ට ඕන දෙයක් කරන්න පුළුවන් ඉතින්. මේ පක්ෂවලට ඕන තීරණයක් ගන්න පුළුවන් තමන්ගේ දේශපාලන බලය රඳවා ගැනීම වෙනුවෙන් ඕනම තක්කඩි වැඩක් කරන්න පෙලඹෙන්න පුළුවන්. ප්රතිපත්තිමය කාරණා එයාලට අද‌ාළ නෑ. බලය ලබා ගැනීම, බලය තහවුරු කරගැනීම. බලයට හවුල්වීම, තමන්ගේ කඳවුරේ බලය පිරිහෙනව නම් සතුරු කඳවුරක් එක්ක හරි ඩීල් එකකට යන එක තමයි මේ අයගෙ ප්රතිපත්තිය. ඒ නිසා ඕන දෙයක් වෙන්න පුළුවන්. ජාතික ආණ්ඩු කතාවත් එන්නේ එතැනින්.
පක්ෂ එකොළහේ කල්ලියත් වැඩ පටන් අරන්. ජාතික ජනබලවේගයට මේවත් අභියෝග වෙයිද?
අපෝ නෑ. කිසිම බලපෑමක් කරන්න බැරි කණ්ඩායම්. ආණ්ඩුවෙන් ලැබෙන මස් කට්ටේ ප්රමාණය ගැන හිතන, මස් අඩු කට්ටක් ලැබුණම ඒකට නාහෙන් අඬන පිරිසක්නෙ ඔය. ඕක ප්රතිපත්තිමය ගැටුමක් නෙවෙයිනේ. ඕව කාලෙන් කාලෙට එන සංදර්ශන. නොසලකා හැරිය යුතු මට්ටමේ ඉෂූ එකක් ඕක.
ආණ්ඩු විරෝධී සටන්වල පෙරමුණේ ඉන්න ජේ.වී.පී එක ඒ විරෝධයේ පංගුව තවත් පාර්ශ්වයකට යනවට අකමැතිද? ඔබලට හිතවත් සමහරුන්ගෙ ප්රකාශ අනුව ආණ්ඩු විරෝධයේ අයිතිය ඔබල සතු එකක් වගේ අදහස් ඇහෙනව.
එහෙම එකක් නෑ. අපිට එහෙම ප්රශ්නයක් නෑ. මේ පාලනයට එරෙහිව කොතනද විරෝධයක් පැන නගින්නේ ඒ හැම විරෝධයකටම අපි පක්ෂපාතයි. හැබැයි අපි ජනතාවට අනතුරු අඟවනවා පොදු විරෝධයෙන් ඔබ්බට ගොස් මේ අර්බුදයට සැබෑ විසඳුම හොයන මාවතට අපි එක්ක එකතුවෙන්න කියලා. එසේ නැතුව මෙවැනිම කල්ලියට නැවත බලය අත්පත් කරගැනීමට ඉඩ නොදිය යුතුයි. දේශපාලන ව්යාපාරයක් විදියට අපිට අයිතියක් නෑ මිනිස්සුන්ට රෑ වැටුණු වළේ දවල් වැටෙන්න ඉඩ දීල බලාගෙන ඉන්න. ඒ නිසා මේ පාලනය වගේම මේ පාලනය පෙරළලා තවත් එවැනිම පන්නයේ පාලනයන්ට ඉඩ දෙන්න බෑ.
ආණ්ඩුවෙ අය ඔබව සමච්චලයට ලක්කරන්නේ ඔබ ෆේස්බුක් ජනාධිපති කියලා. ඒ අයට තරු පේන්න එක්ක ඊළඟ වතාවෙවත් ජනාධිපති පුටුවෙ වාඩිවෙන්න ලැබෙයිද?
මෙතන තියෙන්නේ මම ජනාධිපති පුටුවෙ වාඩි වෙනවද නැද්ද කියන පුද්ගලික කාරණයක් නෙවෙයි. අපි ගොඩනගල තියෙනවා විශාල ජනතා ව්යාපාරයක්. ඒකෙන් අපි රටට ඉදිරිපත් කරල තියෙනවා රට ගොඩනගන වැඩපිළිවෙළක්. ඒක ජයග්රහණය කරවීම තමයි අපේ එකම අරමුණ.
ප්රියන්ත කොඩිප්පිලි - ඉරිදා ලංකාදීප

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...