Skip to main content

වසන්ත සමරසිංහට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්

  වසන්ත සමරසිංහට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්


 දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්.......

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර ගැන අසත්‍ය චෝදනා එල්ල කල දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර ඇත.

20-02-2022 වන දින වසන්ත සමරසිංහ මහතා විසින්  මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ....

·         මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන දක්වා  20Km ක අදියරක කටයුතු සිදුකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ බවත් ,


·         ඉහත කී ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් අනුමත කිරීම CANC ලෙස නම් කරන ලද කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවේ විෂය විෂයපථය යටතේ පවතින බවත්,


  එම ලංසු ඉදිරිපත් කර ඇත්තේ චීන සමාගමක් වන Metallurgical Corporation ( MCC )  සහ  ශ්‍රී ලාංකික සමාගමක් වන Lanka Infrastructure Development Consortium ( LIDC )  යන සමාගම් දෙක විසින් බවත්,

 

 චීන සමාගමක් වූ MCC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1050 ( රුපියල් බිලියන 210) වූ බවත් LIDC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමරිකානු ඩොලර් මිලියන 1872  ක ( රුපියල් බිලියන 374.4 ක ) වැඩි ලංසුවක් ඉදිරිපත් කර තිබී ඇති අඩු ලංසුව ප්‍රතික්ෂේප කොට වැඩි ලංසුව ඉදිරිපත් කර ඇති LIDC  සමාගම වෙත CANC යන කමිටුව විසින් ලබා දී ඇති බවත්,


·         ජොන්ස්ටන් ප්‍රනාන්දු CANC  කමිටුවට අනිසි බලපෑම් සිදු කර එහි සාමාජිකයින් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ MCC ලංසුව ඉවත් කර  LIDC  ලංසුවට පක්ෂව කටයුතු කර එමඟින් වංචාවක් සිදු කිරීමට කටයුතු කල බවත් ,


·         එම මූල්‍ය වංචාව හරහා ශ්‍රී ලංකා රජයට සිදු වූ පාඩුව දළ වශයෙන් රුපියල්  බිලියන 164.4 ක් වන අතර එය කුප්‍රකට බැඳුම්කර වංචාව මෙන් දස ගුණයකටත් වඩා වැඩි බවත්...


  මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් මාගේ සේවාදායකයා ඉහත කී  ව්‍යාපෘතිය සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර එම දැවැන්ත වංචාව සිදුකර ඇති බවත්.

 

මාගේ සේවාදායකයා විසින් මෙම වංචාව සිදුකර ඇතැයි ප්‍රකාශ කිරීමේදී ගරු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය රවටා සහ ඔහු නොමඟ යවා කටයුතු කර ඇති බවත්

·         එම මාධ්‍ය සාකච්ඡාව ඔහුට අයත් නිල youtube නාලිකාවේ ප්‍රසිද්ධ කර එම සම්බන්ධතාවය      ( Link )  ඔහුගේ මූහුණු පොත  හරහා ප්‍රසිද්ධ කර ඇති බවත් එම ක්‍රියාව තුලින් මහජනතාවට එකී කරුණු වලට ප්‍රවේශ වීමට ඉඩ හැරීමෙන් ඉහත සඳහන් කරන්නට යෙදුනු ද්වේෂ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශයක් සඳහා මහජනතාව අතර ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා දීම සඳහා කටයුතු කර ඇති බවත්

යනාදී  ඔහු විසින් ගෙන ගිය ප්‍රචාරය අසත්‍ය සහ පදනම් විරහිත බවත් එයින් තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වූ බව පවසමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරයා වශයෙන් කටයුතු කරන කසුන් වීරසේකර මහතා  විසින් මෙම වන්දි මුදල දින 14 ක් ඇතුලත ඉල්ලා වසන්ත සමරසිංහ මහතාට එන්තරවාසියක් යවා ඇත.

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...