Skip to main content

අප්‍රේල් 03 : අයාලේ යන ජනතා විරෝධය භයානකයි !

 අප්රේල් 03 : අයාලේ යන ජනතා විරෝධය භයානකයි !


සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ රාජපක්ෂවරුන්ට එරෙහිව අප්‍රේල් 03 වනදා මිනිසුන් පාරට බැස්සීමට කරන යෝජනාව ඇතැම්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ,

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසන්නේ, මෙවැනි වගකීම් විරහිත, නිර්නාමික වෘෂභ කැඳවීම් බෙදා හරින්නටවත් හවුල් නොවන්න කියාය.

03 වනදා පාරට බැස්සායින් පසු 04 වනදා සිදුවන්නේ කුමක්දැයි නොදන්නා අරාජික කැඳවීම් රටටත් ජනතාවටත් අකාර්යක්ෂම, අසාර්ථක ආණ්ඩු පාලන වලට වඩා අතිශය අවදානම් බව ඔහු අවධාරණය කර සිටියි.

මෙරට ප්‍රවීන දේශපාලන විශ්ලේෂකයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන කුසල් පෙරේරා සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත. 

 ''අප්‍රේල් 03 ආණ්ඩුව ගෙදර යවන්න රටම පාරට බහිනවා කියලා හැමෝටම එන්නලු.

මෙහෙම FB එකේ සහ Whatsapp කණ්ඩායම් හදාගෙන හැංගිලා ඉඳගෙන කරන නිර්නාමික කැඳවීම් වලට මම සහභාගි නොවෙමි. අනෙක් හැමෝටමත් මේ ලණුව නොකන්න යැයි කියමි.

වගකීම් බාර ගන්න කිසිවකු නැති, මේ වගේ ඔලමොට්ටල විරෝධතා මගින් ආණ්ඩු ගෙදර යවන්න බැහැ. මේ ආණ්ඩුව ගෙදර යැව්වා කියලා හිතමු පොඩ්ඩකට, ඊළඟට එන ආණ්ඩුව මොකාගේ ආණ්ඩුවක්ද? කවුරු හරි කල්ලියක් අපි තමයි ආණ්ඩුව කියලා ආවොත් මොනවා කරයිද?  

03 වනදා පාරට බැස්සායින් පසු 04 වනදා සිදුවන්නේ කුමක්දැයි නොදන්නා අරාජික කැඳවීම් රටටත් ජනතාවටත් අකාර්යක්ෂම, අසාර්ථක ආණ්ඩු පාලන වලට වඩා අතිශය අවදානම්ය.

එනිසා මෙවැනි වගකීම් විරහිත, නිර්නාමික වෘෂභ කැඳවීම් බෙදා හරින්නටවත් හවුල් නොවන්න.''

(කුසල් පෙරේරා  මාර්තු 30)

ප්‍රවේසමෙන් ! - ඛේදවාචකයක් විය හැකියි - නාරද බක්මීවැව


මේ අතර ජනප්‍රිය නිවේදකයකු හා කලා ශිල්පියකු වන නාරද බක්මීවැව සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.


   නාරද බක්මීවැව
''තැන තැන දේශපාලන මගපෙන්වීම් වලින් තොර ජන විරෝධයන් මතු වීමේ ප්‍රවණතාවයක් ඇති වෙමින් තිබේ. ඒ තරමටම    ජනතාවගේ පීඩනය උත්සන්න වී තිබේ. මේවායේ ඇරඹුම සහ අවසානය පිළිබඳව වග කියන්නට කිසිවකු නැත.

විරෝධයට එකතු වන ජනතාවගේ ජීවිත වෙනුවෙන් පෙනී සිටින්නට මේ ස්ථාන වල නායකයින් නැත. මෑත ලෝක ඉතිහාසයේ  එලෙස ඇරඹුන සටන් අවසන් වී ඇත්තෙ ඛේදවාචක වලිනි. නැති නම් රටවල් අරාජික වීමෙනි. එසේත් නැතිනම් කොහේවත් නැති එකෙකු පැමිණ මෙම සටන් හයිජැක් කිරීමෙනි.

නැතහොත් අවසානයේ මිලිටරි පාලනයක් දක්වාම මේවා පැතිර යාමේ ඉඩ කඩ පවතී.

 

එලෙස සැළසුම්සහගත නොවන ලෙස පහුගිය කාලයේ තාප්ප වල සිතුවම් ඇඳි තරැණ කණ්ඩායම් කොහේදැයි කව්රැවත් දන්නේද නැත. ඔවුන් කල දේ ප්‍රතිඵලයක්ද නැත. ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් නැවත එකතු වන්නට ඔවුන් සංවිධානගත වීද නැත. එවන් වටා පිටාවක නැවත පරාජය වන්නේ පීඩනයට පත් අපමය.

 

එනිසා ඔබ දේශපාලන පක්ෂ වලට අකමැති නම් ශක්තිමත් නායකත්වයක් සහිතව සිවිල් සංවිධානයක් හෝ පිහිටුවාගෙන මෙම විරෝධතාවයන් සමග එකතු වෙන ලෙස යෝජනා කරමි.

රටේ දේශපාලන නායකයිනි, දෙවියන්ගෙ නාමයෙන් බේද පසෙකලා ජනතාව තුළින් මොදු වෙමින් තිබෙන මේ විරෝධයන්ට පොදු දේශපාලන මැදිහත් වීමක් නොකලහොත් මේ රට තවත් අගාධයට යනු ඇත.


'අයාලේ යන විරෝධතා බොහොම භයානකයි' - රංග කලන්සුරිය


මෙම කරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංග කලන්සුරිය පහත දැක්වෙන සටහන සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇත.


 ''මිනිස්සු තමන්ගෙ විරෝධය පාන්න තැන තැන රැස්වෙන එක දැන් වලක්වන්න බැහැ. හැබැයි ශක්තිමත් දේශපාලන නායකත්වයක් නැතුව අයාලේ යන විරෝධතා බොහොම භයානකයි.

 ලිබියාවට, ඊජිප්තුවට, ටියුනීසියාවට විතරක් නෙමෙයි සිරියාවට උනෙත් ඕක. ඒ නිසා දේශපාලන කදවුරුවල හිර නොවී ජාතික නායකත්වයක් (එක නායකයෙක් නෙමෙයි) අද රටට අත්‍යවශ්‍යයි.''


'හෙට වෙන දේ මම දන්නේ නැහැ. බයයි' -කෙහෙලිය


මේ අතර හිටපු ජනමධ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මෙසේ පවසයි.

''හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ. දැන් යන්නෙත් බයෙන් ..රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි. මේ තත්වය ගැන මැනවින්  සිතිය යුතුයි.

අමාත්‍ය වරයා එසේ පැවැසුවේ මාතලේ දිස්ත්‍රික් මහ රොහලේ ඔක්සිජන් වායු උප්පාදන ඒකකයක් ආරමිභ කිරිමේ උත්සවය අවසන් කොට පැවැති මාධ්‍ය හමුවේ දිය.


 

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...