Skip to main content

Posts

Showing posts from March, 2022

අප්‍රේල් 03 : අයාලේ යන ජනතා විරෝධය භයානකයි !

  අප් ‍ රේල් 03 : අයාලේ යන ජනතා විරෝධය භයානකයි ! සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ රාජපක්ෂවරුන්ට එරෙහිව අප්‍රේල් 03 වනදා මිනිසුන් පාරට බැස්සීමට කරන යෝජනාව ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ, ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසන්නේ, මෙවැනි වගකීම් විරහිත, නිර්නාමික වෘෂභ කැඳවීම් බෙදා හරින්නටවත් හවුල් නොවන්න කියාය. 03 වනදා පාරට බැස්සායින් පසු 04 වනදා සිදුවන්නේ කුමක්දැයි නොදන්නා අරාජික කැඳවීම් රටටත් ජනතාවටත් අකාර්යක්ෂම, අසාර්ථක ආණ්ඩු පාලන වලට වඩා අතිශය අවදානම් බව ඔහු අවධාරණය කර සිටියි. මෙරට ප්‍රවීන දේශපාලන විශ්ලේෂකයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන කුසල් පෙරේරා සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.   දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා  ''අප්‍රේල් 03 ආණ්ඩුව ගෙදර යවන්න රටම පාරට බහිනවා කියලා හැමෝටම එන්නලු. මෙහෙම FB එකේ සහ Whatsapp කණ්ඩායම් හදාගෙන හැංගිලා ඉඳගෙන කරන නිර්නාමික කැඳවීම් වලට මම සහභාගි නොවෙමි. අනෙක් හැමෝටමත් මේ ලණුව නොකන්න යැයි කියමි. වගකීම් බාර ගන්න කිසිවකු නැති, ...

දැන් මේ රටට අලුත් පාලනයක් සහ නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි

 දැන් මේ රටට අලුත් පාලනයක් සහ නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි  කාලීන දේශපාලනය පිළිබඳ ඉරිදා ලංකාදීප සමගින් මේ කතාබහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත් ‍ රී අනුර කුමාර දිසානායක සමඟය. සජිත් ප් ‍ රේමද‌ාසල නම් ඔන්න පාරට බැස්සා. අනුර කුමාරල පාරට බහින්නේ කවද්ද? පහුගිය කාලය පුරාම ගොවි ජනතාවගේ ප් ‍ රශ්න එක්ක, ගුරුවරුන්ගෙ ප් ‍ රශ්න එක්ක සහ පොදුවේ ජනතාවගේ ප් ‍ රශ්න එක්ක පාරට බැස්සා. ඒක නිසා අමුතුවෙන් පාරට බහින්න කියල දෙයක් නෑ. ඒ වගේම එළඹෙන 23 වෙනිද‌ාත් කොළඹදී විශාල උද්ඝෝෂණයක් සංවිධානය කරල තියෙනවා. මේ වෙද්දි මුළු රටේම විශාල උනන්දුවක් උද්‌යෝගයක් තියෙනවා මේ ආණ්ඩුව එළවා හැරීම කෙරෙහි. නමුත් පලවා හැරීම වගේම අපි අවධානය යොමු කරන්න ඕන විශේෂම කාරණය තමයි එහෙම පලවා හැරීමෙන් පස්සෙ ගොඩනගන අලුත් පාලනය කුමක් ද කියන එක. ඒ ගැන ජනතාව එක්ක සංවාදයක් අවශ් ‍ යයි. එතකොට ඔබලා දැන් කරන්නේ අලුත් පාලනයක් ගැන සංවාදය ද මේ? පහුගිය කාලය පුරාම අපේ රටේ ආණ්ඩුවක් පෙරළන්න උත්සා කළේ ඒ ආණ්ඩුව කෙරෙහි බරපතළ විරෝධය ආපු නිසා. හැබැයි නැවත ගොඩනැගෙන ආණ්ඩුව ඒ තිබුණු ආණ්ඩුවටත් වැඩියෙන් ජනතා විරෝධී වැඩවලට පෙළඹෙනවා. ...

වසන්ත සමරසිංහට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්

  වසන්ත සමරසිංහට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්  දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්....... මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර ගැන අසත්‍ය චෝදනා එල්ල කල දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර ඇත. 20-02-2022 වන දින වසන්ත සමරසිංහ මහතා විසින්  මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් .... ·         මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන දක්වා  20Km ක අදියරක කටයුතු සිදුකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ බවත් , ·         ඉහත කී ව්‍යාපෘතිය සඳහා...