Skip to main content

අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි...!

 අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි...! 

 
අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි...!

අනුර කුමාර සහෝදරයා මල්වතු අස්ගිරි හිමිවරුන් බැහැ දැකීම ගැන එයාට හිතවත් අය එයාගේ පලු අරිනවා මම බලාගෙන. නැවිල වඳින එක ගැනත් අප්රසාදය පළ කරලා තියනවා. විශේෂයෙන් අනුරට උපදෙස් දෙන අයගේ ප්රමාණය දැන් වැඩි නිසා මම නම් උපදෙස් දෙන්න වගේ හදන්නේ නැහැ. මේ කියන්නේ මට හිතෙන දේ. හැබැයි ඒක විවේචනය කරන අයට එහෙම කරන්න අයිතිය තියෙන්න ඕනි.
මට නම් ඔය මල්වතු අස්ගිරි හාමුදුරුවරු බැහැදක්ක එක ගැන ලොකු ආරෝවක් නැහැ. ටිකක් දැන් ජාතික තලෙයේ නායකයෙක් වෙන්න යන නිසා පක්ෂේ කට්ටිය කියන්න ඇති පොඩ්ඩක් එහෙම රවුමක් ගහල එන්න කියල.
මේ කරන්නේ ඌරගේ මාළු ඌ උඩම තියල කපන එක. උඹල අපිව පාච්චල් කරන්නේ විප්ලවවාදීන් කියල නේ...හරි දැන් අපි මල්වතු අස්ගිරි යනවා....දැන් මොකද කියන්නේ? මම කියන්නේ මේක ලාංකික සමාජයෙන් කරන බරපතල පළිගැනීමක් කියල...ඒක ඒ විදියටම වෙන්න ඕනි.
එහෙම නැමෙන්නත් ලොකු ධෛර්යයක් තියෙන්න ඕනි. ඒක පරාජයක් නෙවෙයි.
මේක පංති අරගලයවත්, ලෙනින්ගේ විප්ලවයවත් නෙවෙයි. එයා කරන්නේ විසි එක් වන සියවසේ මැතිවරණ මුල් කරගත්ත පෝස්ට් මොඩන් වැඩක්...ඒක අපි දන්නා විප්ලව දේශපාලනය විකෘති කිරීමක්. නමුත් විකෘතිය විසින් නව අවකාශයක් නිර්මාණය කරනවා. ඒක තේරුම් ගන්න ලොකු තියරි ඕනි නැහැ.
මෙතන පොඩි දෙයයි තියෙන්නේ. විශ්ව විද්යාල වල, ගොවි අරගල වල, වීදි සටන් වගේ ක්ෂුද්ර අවකාශ වල පවත්වා ගෙන යන 'රැඩිකල් ප්රවේශය' මහා සමාජය එක්ක ගමන් කරන ලොකු වැඩකදී පවත්වා ගෙන යන්න බැහැ. එතකොට පොඩ්ඩක් අර මහා සමාජයේ දැක්ම (gaze) එක්ක වැඩ කරන්න වෙනවා. මම කියන්නේ අනුර කරන්නෙත් මහින්ද මහත්තයා සහ මෛත්රී ලොක්ක කරපු දේ ම කියල නෙවෙයි. හැබැයි මෙතන පොඩි වසඟයක් තියනවා (seduction). ඒ වසඟය නැතුව බැහැ වැඩේ ලොකුවට ගොඩ දාන්න ඕනි නම්...
මෙතෙක් වැඩ කරපු අර පොඩි තැන් වලින් ලොකු අවකාශයක් වෙත විතැන් වෙනකොට ගොඩක් දේවල් විපරිණාමය වෙන්න ඕනි. රූපාන්තරණය වෙන්න ඕනි. හැබැයි දැන් අනුරට ගේන විවේචනය ජේ.වී.පී. එක හවුල් වෙච්ච වෙනත් පොදු අපේක්ෂකයෙක් (මෛත්රී, චම්පික, විමුක්ති, සංගක්කාර, ධම්මික පෙරේරා...සහ වෙන ඕනෑ එකෙක්) ඔය විදියටම කලා නම් ඔය විවේචන එකක්වත් එන්නේ නැහැ. ඒ නිසා අනුර මහේෂ්ක තලය වෙත විකසිත වෙද්දී සහ ඒ සඳහා උත්සාහ කරද්දී අපේ ආසාවල් එයා වෙත ප්රක්ෂේපනය නොකර ඉම්මු. අවම වශයෙන් මම එහෙම කරන්නේ නැහැ.
පහුගිය මැතිවරණේ පොදු අපේක්ෂකයා හැටියට ජන බලවේගේ අනුර නම් කරද්දී හැමෝම මැළවුනා. හැබැයි දැන් එහෙම කවුරුත් හිතන්නේ නැහැ. දැන් හැමෝම උපදෙස් දෙනවා හරි පාරේ යන්නේ කොහොමද කියල. මේ තරම් ගමනක් ආවේ එයාලගේ විදියට කියන එක ඇයි අපි අමතක කරන්නේ? එකම දේ මේ අද දවසේ අර්බුදය විසින් ඔවුන්ට ලොකු ඉඩක් හදල දීල තියනවා. ඒක අමතර වාසියක්.
අපේ ජීවිත කාලේ ඇතුලේ අපි හිතුවේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ මැතිවරණයක් දිනල ඒ දුර යයි කියල. දැන් අඩු තරමේ එහෙම බලාපොරොත්තුවක් තියන්න පුළුවන් තැනට එයාල ඇවිල්ල තියනවා. ඒක දුෂ්කර ගමනක්. අති දුෂ්කර දේශපාලන ගමනක්. ලේ කඳුළු එක්ක කරපු මාරක ගණුදෙනුවක්.
ඒ ගමන ආවේ එයාලගේ විදියට. වැරදුණත් කමක් නැහැ. ඉතුරු ටිකත් ඔහොමම යන්න...
මෙතෙක් දිනපු හැමෝම දිනුවෙත් ලොකු ලොකු ගණන් වලින් නේ. ඉතිං අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි.
මම ජේ. වී. පී. කාරයෙක් නෙවෙයි....
✍️ Mahesh Hapugoda

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...