"ජනාධිපතිවරණයදි, මහ මැතිවරණයකදී මේ රටේ වගකීම බාර ගන්න අපි සූදානම්"
"ජනාධිපතිවරණයදි, මහ මැතිවරණයකදී මේ රටේ වගකීම බාර ගන්න අපි සූදානම්"
විශේෂයෙන්ම මෙතෙක් අපේ රටේ ඇති වූ හැම නායකත්වයකටම වඩා හැම නායක මණ්ඩලයකටම වඩා ඉතාමත් හොඳ ජනතාවට වගකියන පාලනයක් ගොඩනඟන්න අපට පුළුවන්.
ජනාධිපතිවරණය ගැන අවසන් තීන්දුවක් අරගෙන නෑ. කවුද තරග වදින්නේ, කොහොමද තරග වදින්නේ කියලා. කෙසේ වුවත් ජනාධිපතිවරණයකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී හෝ ඕනෑම මැතිවරණයකදී මේ රටේ වගකීම භාරගන්න අපි සූදානම්. විශේෂයෙන් අපි දන්නවා අපේ රටේ මෙතෙක් ගොඩනැඟුණු හැම කැබිනට් මණ්ඩලයකට වඩා රටට වගකියන ඒ ඒ විෂයයන් ගැන දැනුම අවබෝධය තියෙන කැබිනට් මණ්ඩලයක් අපිට හදන්න පුළුවන්.
මෙතෙක් කල් හැම මන්ත්රි ධුරයක්ම, හැම කැබිනට් අමාත්ය ධුරයක්ම තමන්ගේ පෞද්ගලික වරප්රසාද වරදාන වෙනුවෙන් පමණයි පාවිච්චි කළේ. මේ රටේ අදූෂිත, කැපකිරීම් කරන්න පුළුවන්, ඒ ඒ විෂයයන් පිළිබඳ දැනුම් තියෙන රට ගොඩනැගීම සඳහා අවංක අරමුණක් තිබෙන කණ්ඩායමක් තමයි අපේ පාලනයකදී වගකීම් දරන්නේ මෙතෙක් ගොඩනැඟුණු හැම ආණ්ඩුවකම තිබුණේ තමන්ට ලොකු අමාත්ය ධුරයක්, තමන්ට ලොකු ටෙන්ඩර්, තමන්ගෙ පවුල වටා, තමන්ගේ ඥාතීන් වටා ගොඩනැඟූ පාලන බලයක්. ජනතාව රැස්කරගත් පාලනයක් ගොඩනඟන්නයි අපේ සූදානම. බහුතරයකගේ මතය තියෙන්නේ අදහස් ප්රකාශ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට.
කිසිසේත්ම නෑ. අපි දේශපාලන ව්යාපාරයක් ගොඩනඟනවා මෙන්ම බලය ගැනීමේ අරමුණ ඇතිව මේ සියලු දේ කරන්නෙ. ඒ නිසා ජනතාව මේ රටේ බලය ලබා දෙන්න සූදානම් ඕනෑම මොහොතක අපි ඒ බලය ගන්න ලෑස්තියි. අපේ කණ්ඩායම ඉතාමත් ප්රබල කණ්ඩායමක්. ඔබට දකින්න අහන්න පුළුවන් වෙලා තිබෙනවා අපේ මන්ත්රි ධුර දරපු, මන්ත්රි ධුර දරන කණ්ඩායම විතරක් නෙවේ එතනින් එහා යා හැකි විශාල කණ්ඩායමක් අපට ඉන්නවා. විශේෂයෙන් ජාතික ජන බලවේගය හරහා විශ්වවිද්යාල ආචාර්යවරුන් කණ්ඩායමක්, සාහිත්යධරයන්, විද්වතුන් සමාජ ක්රියාධරයන්, මෙරට ගොවි, ධීවර ඇතුළු වෘත්තීය සමිති සියලු නායකයන් මේ සියල්ල ඒකාබද්ධ කර ගත්තු ව්යාපාරයක් ගොඩනඟා තිබෙනවා. ඒ හැකියාව තියෙන කණ්ඩායම අපේ කණ්ඩායමේ ඉන්නවා.
ජනතාව වසර ගාණක් පවුල් පස්සේ ගියා. ස්වාමියාගෙන් බිරියට පාලනය ගත්තා. තාත්තගෙන් පසු මල්ලි තෝරගත්තා. තාත්තගෙන් පුතාට, අයියගෙන් මල්ලිට බලය ගත්තු පවුල් පිටුපස දේශපාලනයක් අපේ රටේ සිද්ධ වුණා. ජනප්රිය යැයි කියන කණ්ඩායම පිටුපස ජනතාව ගියා. නමුත් අවසන් ප්රතිඵලය මොකක්ද ණය ටික ගෙවා ගන්න බැරි රටක්. භාණ්ඩ ටික නිෂ්පාදනය කරගන්න බැරි රටක්. නිෂ්පාදන මුළුමනින්ම කඩා වැටුණු රටක්.
ජීවත් වීම පිළිබඳ අපේක්ෂාභංගත්වයට පත් වූ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ඉන්න රටක්. හැකි ඇති හැකියාව තියෙන පුද්ගලයන් රට අත් හැර යන තත්ත්වයක් තියෙන රටක්. අපරාධවලින් ගහන වූ රටක්. ජනප්රිය මුහුණු පවුල්වලින් පාරම්පරිකව ආ දේශපාලන ගමනේ අවසන් ප්රතිඵලයත් අද රටේ මිනිස්සු භුක්ති විඳිමින් තිබෙනවා. ඒ නිසා අද අපිට අවශ්ය වී තිබෙන්නේ ඊට විකල්ප විස¾දුමක් සහිත දේශපාලනයක්. ඉතින් මා හිතනවා ඒ කණ්ඩායම තමයි ජාතික ජන බලවේගය.
ඒ විදිහට විවිධ වර්ගයේ සන්ධාන ඉතිහාස පුරා ගොඩනැඟී තිබෙනවා. ඔබ දන්නවා දේශපාලන නායකයෝ වේදිකාවෙ නැඟලා “යාළුයි අපි යාළුයි“ කියලා බදා වැලඳගෙන සන්ධාන ගොඩනඟන කොට. හැබැයි ඒ හැම සන්ධානයකම අරමුණ බවට පත් වෙලා තියෙන්නේ බලය ලබාගැනීම හා බලයෙන් වරප්රසාද භුක්ති විඳීම. නමුත් අපේ රටේ එවැනි සාම්ප්රදායික සංවිධානයකට අපි යන්නෙ නෑ.
අපිට අවශ්ය මේ රටේ ජනතාවත් එක්ක ගොඩනැඟෙන සන්ධානයක්. ඒ වගේම අවංකභාවය තිබෙන, අදූෂිත, සැබැවින්ම මේ දේශපාලනය වෙනස් කිරීම සඳහා උවමනාව තිබෙන කණ්ඩායම් ඉන් පරිබාහිරව ඉන්නවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පමණක් ඉන්නවා කිව්වොත් ඒක නිවැරදි නෑ. ඒ නිසයි අපි ජාතික ජන බලවේගය කියලා පුළුල් කණ්ඩායමක් ගොඩනඟා තිබෙන්නේ. සියලු කණ්ඩායම්වලට එකතු වෙන්න පුළුවන් මධ්යස්ථානයක් ගොඩනඟා තියෙනවා.
ඔබ හිතනවාද මේ පැරැණි අසාර්ථක දේශපාලන පක්ෂ එක්ක සන්ධාන ගතවීම හරහා රට ගොඩ ගත හැකියි කියලා. කිසිසේත්ම එවැනි පැරණි අසාර්ථක දේශපාලන ව්යාපාරයක් සමඟ මේ ගමන යා නොහැකියි. විවිධ සන්ධාන ගොඩ නැඟුණත් ඒ ඉතිහාසය බලන්න. ශ්රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයක් වටා ගොඩනැගුණා. එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් වටා ගොඩනැඟුණා.
පක්ෂවල සන්ධාන තිබුණත් අවසානයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය දෙකම එකතු වෙච්ච සන්ධානයක් 2015 - 2019 දක්වා පාලනය කළා. ඒ සියලුම සන්ධානවල දේශපාලනය අසාර්ථකයි. ඒ නිසා අද අපේ රටට අවශ්ය වෙලා තියෙන්නේ අලුත් දෙයක්. අපි දන්නවා අලුත් දෙයකට අවතීර්ණ වෙද්දී සැකය තියෙනවා. අවිශ්වාසය තියෙනවා.
හැබැයි මිනිස්සු වෙනස් වීම්වලදී අලුත් දේවල්වලට මිනිස්සු බය වුණා නම් මිනිස් සමාජය මෙතන නෙමෙයි තිබෙන්නේ. මිනිස් සමාජයේ මානව ශිෂ්ටාචාරය විශාල කර තිබෙන්නේ වෙනස්කම්වලට බිය නොවුණ, අලුත් වීම්වලට බිය නොවූ මිනිස්සු පරිවර්තනය කළ හැකි වන්නේ මේ වෙනසට බය නොවන, අලුත් දේට බය නොවන මිනිසුන්ගෙන් පමණයි.
හැමදාම පුද්ගල චරිත පස්සේ ජනතාව ගියපු කාලය ඇති. දියසෙන් කුමාරවරු හොයාගෙන ගිය කාලෙ ඇති. දුප්පතාගේ හිතවතා ආවා. විහාරමහදේවි ආවා. පොළොන්නරුවේ ගැමියා ආවා. ආසියාවේ මහා මොළය ආවා. මොකද වුණේ තනි තනි පුද්ගල චරිත සියල්ල අසාර්ථකයි. ඒ නිසා අවශ්යවී තිබෙන්නේ තනි පුද්ගලයෙක් නෙමේ සාමූහික නායකත්වයක්.
ඒ නිසා ජාතික ජන බලවේගය අර්බුදයෙන් ගොඩගත හැකි සාමූහික නායකත්වයක් සහිත වැඩපිළිවෙළක්. එනිසා මේ රට ගොඩනැඟීම කෙරෙහි ජනතාවට ආරාධනා කරනවා ඒ වෙනස කරන්න අපි විශ්වාස කර අපිට සහාය දෙන්න කියලා. දියසෙන් කුමාරවරු, වැඩකරන අපේ විරුවා වැනි නම් කියල කිව්වට එහි යථාර්ථය තේරුම් ගන්න.
අපේ රටේ තිබෙන අගාධය ගත්තොත් සරල නෑ. ඒ කියන්නේ රටකට විය හැකි සියලුම පන්නයේ කඩාවැටීම්වලට භාජන වී තිබෙනවා. ඒ නිසා පළමු කොටම අපේ රටේ පුරවැසියන් පොදු එකඟතාවකට ආ යුතුයි. පැරණි දේශපාලන අසාර්ථක කඳවුරුවලට අපේ රටේ අනාගතයක් නොමැති බව. අනතුරුව ඔබ අහන ප්රශ්නය අපට මේ ගොඩනැඟීම සඳහා පිළිවෙළක් තිබේද? ඔව්. පැහැදිලිවම අපිට වැඩපිළිවෙළක් තිබෙනවා. හැබැයි මං කියන්නේ නෑ ආපු හැටියෙම ස්වර්ග රාජ්යයක් පහළ කරනවා කියලා.
අපි කියන්නේ රාජ්ය යාන්ත්රණය, පොදු ව්යවසායකයා, ජනතාව සාමූහිකව රට ගොඩනැඟීමට වැඩපිළිවෙළක් මත ක්රියාත්මක කළොත් මේ රට ගොඩනඟන්න පුළුවන් කියලා. එනිසා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ පොදු සාමුහික ක්රියාවලියට මැදිහත් වී අපි හැම දෙනාම එකතුවෙලා මේ රට ගොඩනඟමු කියන අවංක මැදිහත්වීමක් කළොත් ඉතා සාර්ථක බව.
ඔව්. ඒකට යම් ජනතාවකගේ මැදිහත්වීම අවශ්යයි. කළ යුතු වන්නේ පාලකයා පෞද්ගලික ජෙට්වලින් තිරුපති යමින්, විශාල නාස්තිකාර වියදම්වල නිරත වෙමින්, සියලුම වාහන ආනයනය නතර කර තිබෙද්දී පාලකයන්ට පමණක් වාහන ආනයනය කරමින්, පාලකයා විශාල මන්දිරවල සිට ඒවා නඩත්තු කරන්න මහජන ධනය කෝටි ගණන් වියදම් කරමින් ජනතාවට කැපකිරීම් කරන්න කියන එක යුක්තිසහගත නෑ.
පොහොර ප්රශ්නෙදී පවා හොරකම් කරන පාලකයෝ ඉන්නා රටක ජනතාවට කැප කිරීම් කරන්න කියලා ආරාධනා කිරීම මොන තරම් ලැජ්ජා නැති වැඩක්ද උඩුමහලේ ඉන්න දේශපාලකයෝ පොළොවට බහින්න ඕන. එවැනි දේශපාලනයකට විතරයි ජනතාවට කිරීම් කරන්න කියලා ඉල්ලන්න පුළුවන්.
අපි මේ රට ගොඩනැඟීමට කඩිනම් ප්රවේශයක් ඉදිරිපත් කර තිබෙනවා. අද අපේ රට ණය උගුලෙන් ගොඩඑන්නේ කොහොමද? ජනතාවගේ සුබසාධනය වැඩිකරන්නේ හා කඩාවැටුණු ක්ෂේත්ර ගොඩනඟන්නේ කොහොමද රටේ නිෂ්පාදන ගොඩනඟන්නේ කොහොමද හා නිෂ්පාදනයට පුරවැසියන් හවුල් කරගන්නේ කෙසේද නිෂ්පාදනය බෙදාහැරීම් ආදී ක්ෂේත්ර ගණනාවක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ.
ඒක අපි ජනතාව සමඟ සාකච්ඡාවට බඳුන් කරමින් තිබෙනවා. අනතුරුව එහි මූලික මූලධර්ම පදනම් වූ සෑම ක්ෂේත්රයක් ගොඩනැඟීමට කටයුතු කරනවා. බොහෝ අය ලියන්න පටන් ගන්න තියෙනවා. සමහරු විවේචන කරනවා. සමහරුන්ගේ ඇගයීම් තියෙනවා. ඒ සියල්ල මත අපි ශක්තිමත් වැඩපිළිවෙළක් සමාජයට ඉදිරිපත් කරනවා.
කොහොමත් ව්යාපාරයකට එරෙහිව විවේචනයක් ගොඩනඟනකොට ඒ ව්යාපාරයට නායකත්වය දෙන පුද්ගලයා කේන්ද්රගත වීම නවත්තන්න බැහැ.
මාධ්යවේදිනියක් ලෙස ඔබ දැක්වූ ප්රතිචාරයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ කියන එක ඇත්ත. ජනතාවගෙන් විශාල ප්රසාදයක් විශාල අවධානයක් අප කෙරේ යොමුව තිබෙනවා. බොහෝ අය අපෙන් ප්රශ්න දෙකක් අහනවා. එකක් තමයි මේ ප්රසාදය අවුරුදු දෙක තුනක් පවත්වා ගෙන යන්න පුළුවන්ද කියලා. අපි හිතනවා අපේ දේශපාලන වැඩපිළිවෙළ තමයි මේක තව වර්ධනය කරගැනීම. මේ ආණ්ඩු විරෝධය හරහා අපි කෙරෙහි ආකර්ෂණය වී තිබෙන තත්ත්වය අපි කෙරේ දක්වන කැමැත්ත අප කෙරෙහි තබන විශ්වාසය මත බලවේගයක් ලෙස වර්ධනය කරගන්නේ කොහොමද එනිසාම ප්රසාදය කැමැත්ත තව ශක්තිමත් කරගැනීම අපේ එක ඉලක්කයක්.
ඔව්. අපේ දෙවැනි ප්රශ්නය තමයි මේ මොනවා වුණත් මේ පාලකයන් අවසාන මොහොතේ හෝ මොනවා හරි කරයිද දන්නෑ කියලා ජනතාව හිතනවා. හැබැයි පුරවැසියා එහෙම හිතන එකම ජයග්රහණයක්. මොකද එහෙනම් පුරවැසියා දන්නවා පාලකයා අවසන් වෙලාවෙදි මොකක් හරි භූතයෙක් මවයි කියලා. හැබැයි දැන් ජනතාව ඒ ගැන පූර්ව අවබෝධයෙන් සිටීම තමයි වැදගත්ම.
කවර හෝ පැත්තකට වාසි නම් භාණ්ඩ බෙදීම හා අල්ලස් බෙදීමේ වාසිය තීව්ර කිරීම හැරුණු කොට දේශපාලනිකව පරාජිත කිසිවකුට මෙම භාණ්ඩ හෝ අල්ලස් ලබාදීම දීමෙන් මතය වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි හිතනවා භාණ්ඩ හා අල්ලස් දීලා ඡන්ද ගත්තු දේශපාලනය අවසන්. ඇත්තටම ජනතාවට බෙදෙන්න ඕනේ මතවාදය. වැසිකිළි පෝච්චිය, සාරිය, තහඩු වැනි භාණ්ඩ බෙදීමේ දේශපාලනය වෙනුවට අපි තෝරාගෙන තිබෙන්නේ මතවාදය බෙදීමේ දේශපාලනය. ඒ දේශපාලනය පරාජය කරන්න බෑ.
මං හිතන්නේ කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩුව වෙනස් නොවිය යුතුයි. අපේ රටේ හඳපානේ ආණ්ඩු හදපු යුගයක් තිබුණා. මෛත්රිපාල හිටපු ජනාධිපති ව්යවස්ථාව උල්ලංඝනය කරමින් ආණ්ඩු හදපු යුගයක් තියෙන්නේ. ඒ නිසා එවැනි දෙයක් සිදුවිය හැකියි. හැබැයි ඒ කිසිවක් ජනතාවගේ පැත්තෙන් විස¾දුම් වෙනුවෙන් නොවෙයි කෙරුවේ. තමන්ට අහිමි වූ වරදාන හා වරප්රසාද ලබාගැනීමට පමණමයි. එනිසා පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් නොවෙයි පොදු ජනතාවගේ මහා පෙළගැස්මකින් පමණයි පාලන තන්ත්රය වෙනස් විය යුත්තේ.
ජාත්යන්තර මූල්ය අරමුදලට ගිහිල්ලා ගොඩගිය කිසිම රටක් නෑ. අද ජනප්රියම ප්රවේශය බවට පත්වී තිබෙන්නේ ජාත්යන්තර මූල්ය අරමුදලට යා යුතුයි කියන එක. ජාත්යන්තර මූල්ය අරමුදලට යෑම හරහා අනිවාර්යයෙන් කොන්දේසි ගණනාවක් තිබෙනවා. විනිමය අනුපාතිකය පාවෙන්න අත්හරින්න, ඩොලරය පාවෙන්න අත්හරින්න, ආනයන සීමා ඉවත් කරන්න, රාජ්ය වියදම් අවම කරන්න, අය-වැය පරතරය අඩු කරන්න, සේවාවන් කප්පාදු කරන්න වගේ යෝජනාවන් ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙනවා.
හැබැයි ජාත්යන්තර මූල්ය අරමුදලට නොයෑම විසින් යම් මූල්ය ක්ෂේත්රයේ අර්බුදයක් මතුවිය හැකිව තිබෙනවා. ඇත්තටම අපි නම් තීරණය කරන්නේ මෙසේ ගියොත් විය හැකි අර්බුදයත් ,නොයා සිටීමෙන් ඇතිවන අර්බුදයත් ඉතා හොඳින් සමාලෝචනය කළ යුතුයි. සමාලෝචනය කිරීමට සමත් වෙන්න දත්ත තොරතුරු ඔක්කොම තිබෙන්නේ මහ බැංකුව සහ මුදල් අමාත්යාංශය සතුවයි. එනිසා මේ දෙකෙන් වඩාත්ම වාසි සහගත මොකද්ද කියල හොඳ වාසි සහගත පුරෝකථනයක් කළ යුතුයි. ඒ අනුව තමයි අපි තීරණයක් ගත යුතු වන්නේ අපිට තියෙන අත්දැකීම අනුව.
ඔහුගේ මනස ඇතුළේ වෙන විකල්පයක් ඔහුට පේන්නේ නෑ.
ඔව්. මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනිවාර්ය ලෙස රාජ්යයන් කිහිපයක සහයෝගය අපට අවශ්යයි. සහයෝගයකින් තොරව අපිට ගොඩ එන්න බෑ.
ඇත්තටම මා හිතන්නේ මහ බැංකු අධිපතිවරයා හැම වෙලාවෙම මේ ආර්ථිකය ඔහුගේ මැජික් හස්තයකින් සඟවා ගන්නා ලද රහස් වට්ටෝරුවකින් කරනවා වගේ දේවල් කියනවා. අපිට ලැබී තිබෙන තොරතුරු අනුව නම් ගිය අවුරුද්දේ පහුගිය මාර්තු මාසයේ එකඟ වුණු ඉන්දියානු - චීන හුවමාරු ණය පහසුකම්වලින් ලැබුණු යුවාන් ඩොලර්වලට පරිවර්තනය කිරීමට ලැබුණු අවස්ථාව නිසා තමයි මෙම සංචිත වැඩිවෙන්න ඇත්තෙ කියලා. කෙසේ වුවත් සංචිත වැඩිවීමෙන් මහ බැංකුව ධන වෙන්නේ නෑ.
මොකද ඒකෙන් සිදුවෙන්නේ මහ බැංකුව සතු තමන් සතු වගකීම් ප්රමාණය ඉහළ යෑමයි. තමා සතු වත්කම්වලට වඩා මහ බැංකුවේ වගකීම් ප්රමාණය වැඩියි. ඒ නිසා මහ බැංකුව අද ඍණ තත්ත්වයක තිබෙන්නේ. කොහෙන්හරි මුදල් ප්රමාණයක් ගෙනැල්ලා ණයක් කොහෙන් හරි ගෙනැල්ලා විදෙස් සංචිතවලට පිරවීමෙන් මේ වෙලාවේ අර්බුදයට යහපතක් වුණත් ඒක ආර්ථිකයේ මාර හාස්කමක් ලෙස සැලකිය යුතු නෑ.
මම දැක්කා පෞද්ගලික අපනයනකරුවන් විසින් සහ අනෙකුත් ප්රේෂණ හරහා ලැබෙන ඩොලර් 25ක් මහ බැංකුවට විකුණන්න කියලා යෝජනා කරලා. මේවා අවසානයේදී ආර්ථිකයක් හිර වුණාම කරන දේවල්. ඒකෙන් සිද්ධවෙන දේ තමා අපනයනකරුවන් තමන්ගේ සියලුම ඩොලර් ප්රමාණය ලංකාවට ගේන්නේ නෑ. මොකද අද බ්ලැක් මාර්කට් එකේ ඩොලරය රුපියල් 240, 250ට යනවා. හැබැයි බැංකුව හරහා දෙන්නේ රුපියල් 202ක් වගේ කුඩා මුදලක්. ඒකෙනුත් වෙන දේ තමා අපේ රටට විදෙස් මුදල් ගලාගෙන ඒම අඩපණ වෙනවා.
ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් විවිධ අවස්ථාවල එළියට පනිමින් තිබෙනවා. හැබැයි අර්බුදයේ පාර්ශ්වකරුවන්ට තනිව බලවේගයක් හෝ දේශපාලන ගමනක් නැහැ. මේ නිසා ඔවුන් ගැටුම් මධ්යයේ හෝ සියලු කෙණෙහෙලිකම් මධ්යයේ හෝ බැසිල් රාජපක්ෂ අමාත්යවරයාගේ අණසකට යටත්ව කටයුතු කරන්න සිදුවෙලා තිබෙනවා. ඒ නිසා විටින් විට පැන නඟින ගැටුම් නිසා අපේ රටේ මහා දේශපාලන පෙරළියක් ඇති කරයි කියලා අපි අවිශ්වාස කරන්නෙ නෑ.
ඇත්තටම ඔවුන්ට අද තියෙන සටන ආණ්ඩුව ඇතුළේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පමණයි. ජනාධිපතිවරයා ප්රකාශ කරලා තිබුණා කැබිනට් සම්ප්රදාය අනුව සාමූහික වගකීම් කඩකරන අය අයින් වෙන්න ඕනි කියලා. අනෙක් පාර්ශ්ව කියන්නේ අයින් වෙන්නේ නැහැ කියලා. ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද, ඔවුන්ට අයින් වීමෙන් කිසිදු දේශපාලන භූමිකාවට පණපොවන්න බෑ කියලා. කවර කෙණෙහිලිකම්, කවර නොසලකා හැරීම් තිබුණත් කූඩැල්ලො වගේ එල්ලිලා ඉන්නවා හැර ඔවුන්ට වෙන දේශපාලනයක් ඉතුරු වෙලා නෑ.
ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙළත් එහි උපායමාර්ගික වැඩපිළිවෙළත් පිළිගත හැකි ඕනෑම කෙනකුට එකතු විය හැකියි. හැබැයි එකතු වන බොහෝ අය වෙනස් වෙනවා. අපි ඒ වෙනස පිළිගන්නවා. වෙනස්වීම් අපේක්ෂා කරනවා.
එහෙත් අපට තේරුම් ගන්න පුළුවන් ඔවුන්ගේ වෙනස්වීම අවංකද? අවස්ථාවාදීද? කියලා. අවංකව වෙනස් වෙන්න සූදානම් කෙනෙක්ට අපේ ජාතික ජන බලවේගය ෙදාරටු විවෘතයි. හැබැයි අවස්ථාවාදී පුද්ගලයන් අපිට තේරුම් ගන්න පුළුවන්. අවස්ථාවාදීව දේශපාලන කරන කිසිවකුට ජාතික ජන බලවේගයේ දොරටු විවෘත නෑ.
අවංකව වෙනස් වන පුද්ගලයන්ට අපි අවස්ථාව දෙනවා. ඒ වගේම මං පුද්ගලයන් නම් කරන්නේ නෑ. සමහර චරිත තියෙනවා දේශපාලනික වශයෙන් පාරාජිකා වෙච්ච චරිත. ඔවුන් යම්කිසි දේශපාලන ව්යාපාරයකට එක් වීමම තමයි ඒ දේශපාලන ව්යාපාරයට තියෙන කුණු පැල්ලම. සමහර අය නඩු මල්ලක් කරේ තියන්, දූෂණ මල්ලක් කරේ තියන්, ඉන්න අය. එහෙම අයට අපේ ජන බලවේගයේ ඉඩක් නෑ. එවැනි කිසිම කෙනකුට අපේ ව්යාපාරයේ ඉන්න බෑ.
කලින් තෙල් මිල ඉහළ දැම්මට පස්සේ තෙල් අමාත්යවරයාට ඉල්ලා අස්වෙන්න කියලා ලියුම් ලිව්වා පොහොට්ටු ලේකම්. ඒ වගේම විශාල පුරාජේරුවක් නැඟුවා බැසිල් රාජපක්ෂ හිටියා නම් මෙවැනි මිල ඉහළ දැමීමක් සිදු නොවන බවත්. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්යාංශය භාර ගත් පසු තෙල් මිල අඩුකරන බවත්, බැසිල් රාජපක්ෂ මොළ හතක් තිබෙන, ඔහු නිකම් විශ්වකර්ම පුත්රයෙක් බවත් මවා පෑවා. පසුගිය 18දා බැසිල් ලංකාවෙන් පිටවී යෑමෙන් පසු දෙසැම්බර් 19 තෙල් මිල වැඩි කරන්න තීරණය කළා.
ඔහු බේරෙන්න මේකට හවුල් නොවූ බව පෙන්නන්න එහෙම කළේ. අපි පොදුජන පෙරමුණේ ලේකම්වරයාගෙන් හා එහි මන්ත්රින්ගෙන් දැනගන්න කැමැතියි දැන් තෙල් මිල වැඩි වූ පසු ඉවත් වෙන්න කියලා කියන්නෙ මොන ඇමැතිටද කියලා. රටේ විශාල භාණ්ඩය හිඟයක් මතුවී තිබෙන වෙලාවක, ආර්ථිකය විශාල අස්ථාවරභාවයක් ඇති වී තිබෙන වෙලාවක මුදල් ඇමැතිවරයා ඇමෙරිකාවේ යනවා.
ගිහින් ඔහුගේ පවුලත් එක්ක ලොස්ඇන්ජලීස්වල සාප්පු සවාරි යනවා. එවැනි මුදල් අමාත්යවරයෙක් ඕනැද රටට. ඒ නිසා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්ය ධුරයට පත් කිරීම පිළිබඳවම ප්රශ්නයක් මතුව තිබෙනවා. මා දැක්කා පසුගියදා ආරක්ෂක අමාත්යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණා විදේශීය කෙනෙක් ලංකාවෙ කෙනෙක් විවාහ කර ගන්නවා නම් විදේශීය කෙනා ආරක්ෂක අමාත්යාංශයේ සහතිකයක් ගන්න ඕන කියලා. හැබැයි අපේ රටේ මුදල් ඇමැති ද්විත්ව පුරවැසියෙක්. එහෙනම් බැසිල්ට මුදල් ඇමැතිකම භාර දෙන්න කලින් ආරක්ෂක අමාත්යාංශයේ සහතිකයක් ගන්න තිබුණා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් එකෙන් සහතිකයක් ගන්න තිබුණා.
අපෝ නෑ. තෙල් මිල වැඩි කරන්න සැලසුම් කරලා තමයි බැසිල් ඇමෙරිකාවට ගියේ. අපි හිතනවා උද්ඝෝෂණවල ප්රතිඵලයක් ලෙස තමයි මේ තරම් පාලනය වී තිබෙන්නේ. එවැනි ජනතා විරෝධයක් නැත්නම් ජනතා උද්ඝෝෂණ නැත්නම් හිතු හිතූ ආකාරයට මේගොල්ලෝ මේ ආර්ථිකය බල්ටි ගහලා රටේ ජනතාව පීඩාවට පත්කරනවා. මේ ප්රමාණය හෝ ආරක්ෂා කර ගන්නට හැකි වී තිබෙන්නේ ජනතා විරෝධය නිසා. එනිසා ජනතා විරෝධය තවත් ඉදිරියට ගේන්න ජනතාව පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කර ආණ්ඩුවට කරන බලපෑම්වලින් මිසක මේ පාලකයා මට්ටු කරන්න බෑ.
- සංවාදය අනුරාධා හේරත්
Comments
Post a Comment