Skip to main content

මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ උන්නතිය වෙනුවෙන් ඉදිරියේදී රැඩිකල් තීන්දු තීරණ ගන්නවා... - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ උන්නතිය වෙනුවෙන් ඉදිරියේදී රැඩිකල් තීන්දු තීරණ ගන්නවා... - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 

මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ උන්නතිය වෙනුවෙන් ඉදිරියේදී රැඩිකල් තීන්දු තීරණ ගන්නවා... - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
 
මම මුලින්ම ඔබ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා යැයි කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිහාසයේ මා දැක්ක දීර්ඝතම වාහන පේලිය අද තමයි දැක්කේ. මේක තමයි මහාමාර්ග අමාත්‍යාංශයට තිබෙන අභියෝගය. අද මට පිංතූර ගණනාවක් ලැබුණා අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල ඇති වී තිබුණු වාහන තදබදය පිළිබදව. අමාත්‍යාංශයක් හැටියට අපි මේවාට විසදුම් සෙවිය යුතුයි. දැන් මේ වාහන තදබදය ඇති වීම නිසා පක්ෂ විපක්ෂ සියලුම දෙනා රජයට දොස් කියනවා. මේ නිසා මේ සෑම අභියෝගයකටම අමාත්‍යාංශයක් හැටියට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එම නිසා මේ අලුත් අවුරුද්දේ අපි අලුත් විදිහට හිතලා වැඩ කරමු. අමාත්‍යාංශයේ සහ අධිකාරියේ උන්නතිය වෙනුවෙන් සමහර රැඩිකල් තීන්දු තීරණ අපිට ගන්න සිද්ධ වෙනවා. එසේ තීන්දු තීරණ අරගෙන වෙනස් වීම් සිදු කලහොත් මීට වඩා ඵලදායී ලෙස වැඩ කටයුතු කල හැකි බව මම විශ්වාස කරනවා. එසේ තීන්දු තීරණ නොගතහොත් අපිට එක තැන පල්වෙන්න සිද්ධ වෙනවා.
 
වෙනස් විය යුතු තැන් වෙනස් කරලා මේ අමාත්‍යාංශය ඉහල මට්ටමකට ගෙන එන්න අපි කටයුතු කරනවා. ඔබ සහ මම බලාපොරොත්තු වෙන්නේ සීඝ්‍රගාමී සංවර්ධනයක්. පසුගිය වසර එකහමාර තුල ඔබත් අපිත් රැකෙන ලෙස තීන්දු තීරණ අරගෙන අපි වැඩකටයුතු සිදු කලා. පසුගිය කොවිඩ් වසංගත කාලසීමාව තුල ඔබ සේවයට පැමිණ ගෙන යන විට ගෙදර සිටින ඔබගේ සමීපතයින්ට මරුවා ගෙන යන තත්ත්වයකට ඔබට පත්වෙන්න සිදු වුණා. තත්ත්වය එසේ තිබියදීත් සේවට පැමිණ ඔබෙන් රටට ජාතියට සිදු විය යුතු සේවය නොපිරිහෙලා ඉටු කලා. ජනතා බදු මුදලින් වැටුප් ලබන රජයේ සේවකයකු ලෙස එදා ඔබ කල කැපවීම අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. එය අපි අගේ කරනවා. රටේ ජනතාවට දැඩි විශ්වාසක් තියනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා. ජනතාවගේ ඒ විශ්වාසය තහවුරු වෙන්නේ ඔබත් අපිත් ඔවුන් වෙනුවෙන් කරනා සේවය තුලිනි.
 
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කරමින් රටේ ජනතාවට සුවපහසු මාර්ග පද්ධතියක් ගොඩ නැගීමට අපි සියළු දෙනා කැප වී කටයුතු කරමු. අළුත් විදිහට හිතලා අපි අපේ ඉලක්ක වෙත ලගා වෙමු. මේ වසරේ මාගේ එකම පැතුම අපේ රට දියුණු රටක් බවට පත්වේවා යන්නයි.
 
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කලේ 2022 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී 2022-01-03 වන අද දින පැවති උත්සවය අමතමිණි.
 
මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා...
 
ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් එනවා දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා...
ජනාධිපතිතුමාට ඕනෑම අවස්ථාවකදී කැබිනට් සංශෝධනයක් කරන්න පුළුවන්. ඒක ජනාධිපතිතුමාට අයිති වැඩක්. ඒ නිසා ජනාධිපති තුමාගෙන් තමයි අහන්න ඕනේ කැබිනට් සංශෝධනයක් එනවද නැද්ද කියලා. ජනාධිපති බලතල මට නැහැ. ජනාධිපති බලතල තියෙන්නේ ජනාධිපතිතුමාට. කැබිනට් සංශෝධනයකට, අමාත්‍යාංශ ලේකම්වරු පත්කරන්න මේ හැම දෙයක්ම ජනතාව බලය දීල තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඒනිසා එතුමාට ඕනෑම වෙලාවක, අද රැ දොලහට වුණත්, අවුරුද්දේ මුල වුණත්, මැද වුණත්, අග වුණත් කරන්න පුළුවන්.
 
කැබිනට් සංශෝධනයකට මේ අවස්ථාවේදී අවශ්‍යතාවයක් තියෙනවා දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා...
ජනාධිපතිතුමාට අවශ්‍යතාවයක් තිබුනොත් එතුමා කැබිනට් සංශෝධනයක් ගෙන එයි. ඒ අවශ්‍යතාවය ජනාධිපතිතුමා තමයි තීන්දු කරන්න ඕන.
 
කැබිනට් සංශෝධනයෙන් රටේ මේ වන විට ඇති වී තිබෙන ගෑස්, ඩොලර් වැනි ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා...
ගැස් ප්‍රශ්නය රටේ තියෙන ප්‍රශ්නයක්. එහි සභාපතිවරයා සහ ඒ පත් කරපු නිලධාරීන් හරියට වැඩ කරන්නෙ නැති හින්දා තමයි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. නත්තල් කාලයේ ගෑස් හිඟයක් ආවේ ඒ නිසායි. ඒ නිසා මම එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියනවා, වගකීම් භාර ගෙන තියෙන අය ඒවා හරියට ඉටු කරන එක මේ රටේ ජනතාවට කරන යුතුකමක්.
 
අමාත්‍යංශ වල ලේකම්වරු මාරු කරලා මේ රටේ ඇති වී ඇති ප්‍රශ්න විසදන්න හැකි දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා...
ජනාධිපතිතුමාට හිතනවනම් ලේකම්වරු හරියට වැඩ කරන්නේ නැහැ කියලා ඒ ලේකම්ව මාරු කල යුතුයි. ජනාධිපතිතුමාට හිතෙනවනම් ඇමති කෙනෙක් හරියට වැඩ කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා ඔහුව ඉවත් කරයි. ඒවා කළ යුතුයි. ඒවට තමයි රැඩිකල් තීන්දු තීරණ කියන්නේ.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඔබතුමා  යනවා දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මම යන්නේ නැහැ. රජය තමයි යන්න ඕන. මුදල් ඇමතිතුමා ඒ තීන්දුව ගනියි. ඒවාට යා යුතු නම් යයි. ඒක අළුත් දෙයක් නෙවෙයි. මම මුදල් ඇමතිතුමා නොවෙයි ඒ සම්බන්ධව ප්‍රකාශයක් කරන්න.
 
සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මේ ආණ්ඩුව  සියඹලාන්ඩුවේ මරණාධාර සමිතියක් වගේ කියලා යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා...
ප්‍රේමදාස මහත්තයා ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ. එතුමා වගේ විපක්ෂ නායකයෙක් තමයි අපිට හොඳ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියා වගේ. එතුමා සියඹලාණ්ඩුවට ගිහින් එකක් කියනවා. හම්බන්තොටට ගිහිං එකක් කියනවා. ඊළඟට නෝනත් එක්ක වයින් බිබී කෝටි ගණන් මුදල් වැය කරමින් පාටි දානවා. එතුමා පොළට ගිහින් කියන්නේ ආර්ථිකය වැටිලා, සල්ලි නැහැ, කන්න නැහැ කියනවා. නමුත් එතුමා සවසට බාල් නටනවා. එතුමා වගේ විපක්ෂ නායකයෙක් ඉන්න එක අපිට හොඳයි. ජනතාව ගියපාර එතුමාට හරි උත්තරයක් දුන්නා. ඉදිරියේදිත් ප්‍රාදේශීය සභා පළාත් සභා ඡන්දය එහෙම තිබුනහම තේරෙයි එතුමගේ තත්ත්වය මොකක්ද කියලා.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ එක්ක එකතු වෙනවා දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ එක්ක එකතු වෙන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙත් දේශපාලන පක්ෂයක්. ඔවුන් දැන් අපිත් එක්ක එකතුවෙලා තියනවා. ප්‍රේමදාස මහත්තයා එක්ක එකතු වෙන්නත් පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දක්ෂ අය මේ රජයේ වැඩපිළිවෙළත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා.
 
මේ අවස්ථාවට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් ඇතුළු සේවක පිරිසක් සහභාගි වූහ







 

Comments

Popular posts from this blog

ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි

 ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි  ඩලස් අලහප්පෙරුම අගමැති වුනොත් පත් කරන්න යන කැබිනට් මණ්ඩලය එළියට එයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරමින් ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාට වීමට මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පත් වන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය අප වෙත ලැබී තිබේ. එය පහතින් 1. අගමැති ,විදුලිබල, අධ්‍යාපන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 2විදේශ කටයුතු අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා 3වෙළඳ අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 4.මහාමාර්ග හා ජල සම්පාදනය අමාත්‍ය – වාසුදේව නානායක්කාර 5.මුදල් අමාත්‍ය – විමල් වීරවංශ 6.කෘෂිකර්ම – අතුරුලියේ රතන 7. මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් 8ප්‍රවාහන, කර්මාන්ත – අසංක නවරත්න 9. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල 10.ස්වදේශ කටයුතු අමාත්‍ය – ගෙවිදු කුමාරතුංග 11.වරාය හා නාවික – දායාසිරි ජයසේකර 12. සෞඛ්‍ය අමාත්‍ය -චන්දිම වීරක්කොඩි 13.ජනමාධ්‍ය විදුලි සංදේශ හා තාක්ෂණ සහ ක්‍රීඩා අමාත්‍ය – චරිත හේරත් 14.වැවි...

ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

 ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි   ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේඡනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි. ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය...

"ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"

  "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි"   "ආණ්ඩුව රටට සැගවූ යුගදනවි ගිවිසුම අනුර කුමාර සභාගත කරයි" * කැබිනට් අනුමැතිය එක සමාගමකට: අත්සන් කර ඇත්තේ වෙන සමාගමක් ගිවිසුම වැඩකළොත් තෙල් මිල තීරණය කරන්නේ අම්බානියි. * අවුරුදු දෙකක් යනතෙක් ගිවිසුම සඟවා ගැනීමට එකඟවුණේ ඇයි * ඩොලරයේ විකෘතිතාව නිසා ඩොලර් මිලියන 1700 ක් විදෙස් ශ ‍ ් ‍ රමිකයන්ගෙන් අහිමි වුණා කොළඹ දිස්ති ‍ ් ‍ රක් මන්තී ‍ ් ‍ ර අනුර කුමාර දිසානායක (ජාජබ) – නිව් ෆෝට ‍ ් ‍ රස් සමාගම සමග මුදල් අමාත් ‍ යාංශය අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. විදුලිබල ඇමැතිතුමා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. අයවැය මුදල් අමාත් ‍ යාංශ විවාදයේදී අපට තිබුණා නම් ඉතාමත් වටිනවා. මා දන්නා පරිදි මේ ගිවිසුම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. නමුත් මා සතුව එම ගිවිසුම තිබෙනවා. එහි විකුණුම්කරු ලෙස ශී ‍ ් ‍ ර ලංකා ආණ්ඩුවත් මිලදී ගන්නා ලෙස සමාගමක් සඳහන් වෙනවා. 2021 සැප්තැම්බර් 21 දා පාර්ලිමේන්...