තුන් ක්රමයකින් කරන ඩොලර් මං කොල්ලය
දැන් මහ බැංකුව මිනිස්සුන්ගේ ගිණුම් වල තියෙන ඩොලර් රුපියල් වලට හරවනවා කියලා කියනව නොකියම. ඒ වගේම ඩොලර් ගිණුම් වල තිබුණ සල්ලි ආපහු වෙන රටක ඉඳලා එළියට ගද්දී ලොකු ගාණක් කපා ගන්නවා. ගොඩක් අය ඒ ගැන අහනවා.
සමහරු අහනවා මිනිස්සුන්ගේ රත්තරන් ටිකත් ගනියි ද කියලා. ඒක මේ වගේ.
මේ අර්බුදය ආවේ ප්රධාන වශයෙන් රජය විශාල ණය කන්දක් අරගෙන, ඒක ගෙවා ගන්න බැරුව හිර වෙලා හිටපු හින්දා. ඒක තමයි දීර්ඝකාලීන ගැටලුව. මෙච්චර කල් ණය ගෙව්වේ ආයේ ආයේ ණය අරගෙන. දැන් එහෙම අරගෙන ගෙවා ගන්න බැරි දවසක් එනවනේ. ඒක තමයි මේ ඇවිත් තියෙන්නේ. එතකොට අලුතින් ණය ලැබෙන්නේ නෑ. Baseline එක ඒක.
දෙවැනි කාරණය ස්වාභාවික විපත්තිය. ඒ කිව්වේ කොරෝනාව. මේ නිසා රටේ ආර්ථිකය කඩා වැටෙන එක වළක්ව ගන්න රාජ්යයන් ට ණය වෙන්න සිදු වෙනවා. දැන් අපි හිරත් වෙලා ඉන්න වෙලාවේ, කොරෝනාව උඩින් පාත් උනාම, කර මුලට හිර උනා.
තුන් වෙනි කාරණය අතින් දා ගත්ත ප්රශ්න. එහෙම ඒවා ගොඩක් අතරේ ප්රධාන ඒවා දෙකක් තියෙනවා. ඉන් පලවෙනි එක 2020 මුල දීපු බදු සහනය. රජයේ ආදායම අඩු වෙලා ණය ගෙවා ගන්න අමාරු කලේ එතැනින්. දෙවැනි එක පොහොර තහනම. මෙච්චර අමාරුවෙන් ඉන්න රටේ දරා ගන්න බැරි ප්රශ්න උඩට සාගතයක් ගෙනත් දැම්මා.
ඔය කියන මූලික ප්රශ්න තුන උඩ අපිට නොපෙනෙන එක ලොකු ගැටලුවක් තමයි මේ වෙලාවේ රට කඩන් වැටෙන්න යන ඒකෙන් තමන්ට බලපෑමක් නොවෙන්නත්, ඒ වගේම අන්තිම මොහොතෙත් මොනවා හරි මේකෙන් තව කොල්ලා කා ගන්නත් උත්සාහ කරන දේශපාලකයන් ටිකක් සහ ඒ අයගේ සමීප ව්යාපාරිකයන් පිරිසක් රටේ ආර්ථිකය මෙහෙයවීම. සුනාමියට මැරුණු මිනිස්සුන්ගේ රන් මාල කඩා ගත්තා වගේ සෙට් එකක් ඉන්නේ.
ඩොලර් අර්බුදය පියව ගන්න කොහොම හරි රජයට තියෙන තරම් ඩොලර් ටික එකතු කර ගන්න ඕනේ. වෙළඳපොළ තුල ඩොලර් එන්න එන්න හිඟ වෙනවා. ඒකට ලොකු හේතුවක් මහ බැංකුව ඩොලර් වලට දීලා තියෙන අඩු පාලන මිල. හැබෑ වටිනාකම ලැබෙන්නේ නැති කොට, ඒකත් මිනිස්සුන්ගේ ධනය සොරා ගැනීමක්. දැන් අවසරයක් නැතුව මාරු නොකර විදෙස් මුදල් ගිණුම් වල ඉතුරු කර ගෙන ඉන්න මුදල් බලෙන් මාරු කරලා කියලා චෝදනා කරනවා. ඒක සොරා ගැනීමක්. සූරා කෑමක්. ඒ විතරක් නෙවෙයි, මිනිස්සු පිට රට හම්බ කරලා, ඩොලර් විදේශීය ගිණුම් වල දාගෙන ඉන්නේ ඉතිරියට. දුක් විඳලා හම්බ කරපු සල්ලි. ඒවායින් ටිකක් අවශ්යතාවයකට ගත්තත්, ලොකු ගාණක දඩයක් කපා ගන්නවා. ඒකත් සූරා කෑමක්. ඒ කියන්නේ ඔබේ ඩොලර් ටික තුන් ආකාරයකට මොවුන් සූරා කනවා. ඉතිං මිනිස්සු ආයෙත් මේ හොරු ඉන්න රටකට ඩොලර් අරගෙන එන්නේ නෑ.
මේ අර්බුදය එන බව දැන ගත්ත ගොඩක් දේශපාලකයෝ වගේම ව්යාපාරිකයෝ තමන්ගේ ධනය කලින්ම ඩොලර් වලට මාරු කරගත්තා. ඒවා විදේශීය ගිණුම් වල රැඳෙව්වා. හංග ගත්තා. එතකොට ඔවුන්ට මින් ගැටලුවක් නෑ.
රුපියල් අච්චු ගහලා රට ඇතුලේ ආර්ථිකයට මුදා හරින හැටියට ඔබට දැන් රුපියලේ වටිනාකම ගැන විශ්වාසයක් නෑ. ජනතාවට රුපියල විශ්වාස නැති වෙනකොට වෙන්නේ මිනිස්සු තමන්ගේ ධනය වෙනත් සම්පත් වලට මාරු කරනවා. දුප්පත් මිනිස්සු සල්ලි නැතුව තමන්ගේ රත්තරන් , ඉඩම්, වාහනාදිය විකුණන කොට, උකස් තියෙන කොට ඒවා ගන්නේ රටේම ධනවතුන්. ඒ අය තමන්ගේ ධනය ඒ ආකාරයට ආරක්ෂා කරනවා. රුපියලේ අගය නැතුවම ගියොත් මේ මුදල් හුවමාරු බවට පත්වෙන්නේ මේ දේවල්. ඒ කියන්නේ රත්රං වගේ. එතකොට ඒවට කියන්නේ hard currency කියලා. එහෙම නැත්නම් අතීතයේ වගේ භාණ්ඩ හුවමාරුව. එහෙම කාලයකට අපි ටික ටික ඇදෙන්නේ.රුපියලේ වටිනාකම නැති උනාම ආණ්ඩුවට බදු එකතු කරන්නත් රුපියල වැඩක් නැතුව යනවා. එතකොට ජනතාවගෙන් වටිනාකම් බදු විදියට ගන්න වෙන්නෙත් මේ hard currency වලින්. ඒ නිසා බේ රත්තරං ටික මේ අය ඉල්ලන දවස වැඩි ඈතක නෑ.
දකුණු කොරියාවේ මිනිස්සු ආණ්ඩුව වැටෙන්න ගිය වෙලාවේ ස්වෙච්ඡාවෙන් තමන්ගේ රත්තරන් දීලා සල්ලි හුවමාරු කර ගත්තලු. ඒත් අපේ රටේ ඒක වෙන්නේනෑ. රට වෙනුවෙන් කැපකරන්න අපේ මිනිස්සු අනිවාර්යයෙන් සූදානම් වෙනවා. ඒත් ඒවා දෙන්න වෙන්නේ ඒ ටිකත් හොරා කන හොරුන්ට කියලා දැන් දන්න නිසා කවුරුවත් නරින්ට කුකුල්ලු බාර දෙන්නේ නෑ.
කබ්රාල් ණය හොයා ගෙන ඇවිත් සංචිත පෙන්නයි, ඔබේ ඩොලර් තුන් ආකාරයකින් හොරා කයි. මුදල් අච්චු ගහලා රුපියල විනාශම කරලා දායි. අන්තිමට ඔබේ රත්තරං ටික ඉල්ලන්නේ නැතුව ඉඳියි කියලා හිතන්න එපා. රටේ ආර්ථිකය වලපල්ලට යවන ණය ගැනීම සහ මුදල් අච්චු ගැසීම තවම ක්රියාත්මකයි. නමුත් විසඳුමක් තාම නැති නිසා ඒ චක්රය කැරකෙන්නම නරකට.
ඔබට පාරට බහින්න වෙන දවස වැඩි ඈතක නෑ. කවුරුවත් බස් ගෙනත් දාලා, කන්න බොන්න දීලා ගෝල්ෆේස් පුරවනවා වගේ නෙවෙයි, මිනිස්සු පීඩනය දරා ගෙන ඉන්න බැරුව කඩා ගෙන පාරට බැස්සම. ඔය කවුරුත් private jet order කරලා තියා ගෙන ඉන්න එක හොඳයි. යන්න පාරවල් ඉඩ මදි වෙයි.
පැතුම් කර්නර්
ණය මුදල් 60 USD Billions ක් පමණ වියදම් කළ ආකාරය කබ්රාල් ජනතාවට පෙන්විය යුතුයි. 2000 වසරේ සිට 2020 දක්වා ප්‍රධාන ව්‍යාපෘති සඳහා 10 USD Billions. ස්වෛරී බැඳුම්කර සඳහා 17 USD Billions පෙන්වීම අපහසුය. ඉතිරියට මොකද වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ) ගිණුම්වල අනවශ්‍ය ලෙස පොහොසත් කර ඇති ශේෂයන් අත්පත් කර ගැනීම, අනෙකුත් ගිණුම් රාජසන්තක කළ යුතුය. එය කබ්රාල්ගේ කාර්යය මිස දූෂණයට අනුබල දීම නොවේ!
ReplyDeletehttps://drive.google.com/file/d/12PL1tCbpI7ki6LetEikq3i6y33OtZ1Rm/view?usp=sharing
ණය - 16564520 LKR මිලියන = ට්‍රිලියන 16.56
https://tradingeconomics.com/sri-lanka/government-debt
වියදම - 3040996 LKR මිලියන = ට්‍රිලියන 3.04
https://tradingeconomics.com/sri-lanka/fiscal-expenditure
ආදායම් - 1373308 LKR මිලියන = ට්‍රිලියන 1.37 https://tradingeconomics.com/sri-lanka/government-revenues
ශ්‍රී ලංකාව 2020 දී රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 101 ක (Debt to GDP) දළ දේශීය නිෂ්පාදිතයට රජයේ ණයක් වාර්තා කළේය.
Sri Lanka Government Debt to GDP | 2021 Data | 2022 Forecast | 1950-2020 Historical (tradingeconomics.com)