ජවිපෙ ජනතාවාදී ආණ්ඩුවක් ?
- සාධනීය විවේචන කියවමු !#01ජවිපෙ ජනතාවාදී ආණ්ඩුවක් ?...- කේ. D. -ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය රාජ්ය පාලන වගකීම දරන ආණ්ඩුවක් යටතේ "ජනතාවාදී ආණ්ඩුවක්" හදන බවට කේ.D.ලාල්කාන්ත ප්රකාශ කල බවත් එය නුසුදුසු අප්රායොගි අසාර්ථක තර්කයක් බවටත් Chinthana Dharmadasa විසින් පෝස්ටුවක් ඉදිරිපත් කොට ඇත.ජනතාවාදී ආණ්ඩුවක් යනු රටේ විවිධ අදහස් දරන විවිධ ආකල්පමය මට්ටම් වල සිටින එකිනෙකට වෙනස් සහ විවිධ වූ මත දරන සෑම පුරවැසියෙකුටම ඕන විදියට රට පාලනය කිරීම නොව.සරල උදාහරණයක් වශයෙන් අපේ සමාජයේ බහුතරයක් පවුල් වල දෙමාපියන් තම සුඛවිහරනය දෙවෙනි කොට තම දරුවන්ගේ යහපත සුඛවිහරනය මූලික කරගෙන වෙහෙසෙති,උත්සාහයන් දරති,ජීවත් වෙති.කේ.D. ගේ යෝජනාව නම් වර්ථමානයේ සෑම අවස්ථාවකදීම ධනය මූලික කරගෙන රට පාලනය කරන ක්රමය වෙනුවට රටේ ජනතාව නොහොත් සමාජය මූලික කරගත් පාලන ක්රමයකි. ධනය,ප්රාග්ධනය Capital යනු රාජ්ය සංවර්ධනයට අනිවාර්ය සාධකයකි.නමුත් ධනය සහ ප්රාග්ධනය නිසියාකාරව මෙහෙයුම් කරමින් කළමනාකරණය කරමින් නිවැරැදි යහපත් රාජ්ය පාලනයක් දියත් කිරීමේදී රාජ්ය ප්රතිපත්ති සම්පාදනයේදී පාලන මොඩලය තෝරා හෝ සකසා ගැනීමේදී ජනතාව /සමාජය මූලික කර ගැනීම අතිශයින් වැදගත් වේ.එසේ වූ විට ගුරුවරුන්ගේ වෘත්තීය ප්රශ්න වලදී එම ප්රශ්න පිලිබඳ අවධානය යොමු කරන්නා මිස ඔවුන් හෙලා දකිමින් ද්වේශගත ලෙස විවේචනයට ලක් වන්නේ නැත,පොහොර පිලිබඳ නිවැරැදි තීන්දු තීරණ ගැනීමේදී ගොවියා මූලික කරගන්නවා මිස චීනය හෝ බහුජාතික සමාගම් වල ලාභ අරමුණ මූලික කර ගන්නේ නැත...ඒ නිසා ජනතාවාදී ආණ්ඩුවක් යනු ජනතාවගේ /සමාජයේ යහපත සුඛවිහරනය මූලික කරගත් ආණ්ඩුවක් මිස ධනය ප්රාග්ධනය මතම පමණක් මූලික වූ ආණ්ඩුවක් නොව,එසේම ජනතාවට ඕනෑ විදියට රට පාලනය කරනවා යන්න ඉන් අර්ථ දැක්වීම නිවැරැදි නැත.රාජ්ය උත්පාදනය කරන ධනය ප්රාග්ධනය Capital නිසි ලෙස කළමනාකරණය කිරීමේදී රටේ ජනතාව නොහොත් සමාජය මූලික කරගැනීමේ කිසිදු ගැටලුවක් වේ යැයි අපටනම් නොපෙනේ,ඒ තුලින් පොදු යහපත සමානාත්මතාව සහ සමාජ සාධාරනත්වය සනාථ වනු ඇත.එසේම චින්තාගෙ අදහස අනුව රටේ ජනතාව නොහොත් සමාජය රාජ්ය පාලනයට රාජ්ය ප්රතිපත්ති සම්පාදනයට සක්රීයව දායක විය යුතු නැත.එයට කිසිසේත්ම එකඟ විය නොහැක. නමුත් වර්ථමාන එනම් අද දවසේ රටේ බහුතරයකගේ සමාජ දේශපාලන සාක්ෂරතාවය ආකල්ප ගැන සිතූවොත් චින්තාගෙ යෝජනාව සාධාරණ ය.නමුත් අප දකිනා ආකාරයට ජවිපෙ ප්රමුඛ සංධානය රාජ්ය පාලන වගකීම හිමිකර ගනිද්දී වර්ථමාන ජනසමාජය යම් ගුණාත්මක විකාශනයකට ලක් වී සිටිනු ඇත.එය ෆැන්ටසියක් යැයි යමෙකුට සිතිය හැක.නමුත් එය යථාර්ථයක් කර ගැනීමට නොහැකි කාරනාවක් නොව,සමීපතම උදාහරණයක් නම් පාකිස්තානයේ සිදු වූ ශ්රී ලාංකීක ඝාතන සිද්ධියේදී මෙරට බහුතරයක් ජනතාවගෙ ප්රතිචාර දැක්වීමයි,එම සිද්ධිය 2019 දී සිදු වූවානම් රටේ බහුතරයක් ජනතාව ඊට දක්වන ප්රතිචාරය බොහෝ වෙනස් වන්නට පුළුවන,නමුත් සුළුතරයක් හැරෙන්නට වර්ථමානයේ බහුතරයක් ජනතාව එය නිවැරැදිව කියවාගෙන තිබුනි.එදා මෙන් මුස්ලිම් කඩ වර්ජනයක් හෝ සිවිල් ගැටුමකට මුල පිරීමක් හෝ සිදු නොවූයේ එබැවිනි.ඊට හේතුව ජනතාව යම් මට්ටමකට ශිෂ්ඨවත් අවකාශයකට විතැන් වී තිබීමය,සිදු වූ සිදුවීම් වලින් ලද අත්දැකීම් සහ ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගය ඇතුළු ප්රගතිශීලී බලවේග සහ ජාතිවාදයට ආගම්වාදයට වර්ගවාදයට විරුද්ධ සියලු දෙනා දිගින් දිගටම සමාජය දැනුවත් කිරීමේ ප්රතිඵලයක් ලෙස එය දැක්විය හැක.ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් බලයට පත් වීමට නම් රටේ බහුතරයක් ජනතාව එලෙස යම් ආකල්පමය වෙනසකට ශිෂ්ඨවත්භාවයකට පත් විය යුතුය. එවැනි ශිෂ්ඨවත් සංවර්ධිත ආකල්ප සහිත ජනසමාජයක් රාජ්ය පාලනයට සක්රීයව සම්බන්ධ වීම යහපත් ලක්ෂණයකි.එසේ නොමැතිව රටේ ජනතාව හුදෙක් මැතිවරණ වලට පමණක් භාවිතා වන අක්රීය මෙවලමක් වීම යහපත් නැත.අප නිර්මාණය කල යුත්තේ ගොඩනැගිය යුත්තේ එවැනි ආණ්ඩුවකි,චින්තා වැනි ප්රගතිශීලී අදහස් රාජ්ය ප්රතිපත්ති සම්පාදනයට නොහොත් රාජ්ය පාලනයට සම්බන්ධ නොවන්නේ නම් එම අදහස් මතවාද යෝජනා වලට ලැබෙන රාජ්ය වටිනාකම සහ හරය කුමක්ද ?...මෑතකදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය සහභාගි වූ දේශපාලන වැඩසටහනකදී ලිංගික සේවය සම්බන්ධයෙන් කතිකාවකට සම්බන්ධ වීමට ඇයට ඉඩ සැලසුනි, එහි දැක්වූ අදහස් අලලා ඉන් පසුව චින්තා විසින් දැක්වූ පෝස්ටුවක සදහන් වුයේ ලිංගික සේවය ශ්රී ලංකාවේ නීතියක් ලෙස නීතිවිරෝධී නොවන බවයි.ඒ හරහා බොහෝ තැන් වල එම අදහස පැතිර යනු දුටුවෙමු.ඉන් පසු ආචාර්ය හරිනි අමරසූරිය සහභාගි වූ වෙනත් වැඩසටහනකදී ඇය එම අදහස ප්රකාශ කරන ලදී,පුරවැසියන් රාජ්ය පාලනයට නොහොත් සරලව කීවොත් ආණ්ඩුකරණයට සම්බන්ධ වීම යනු එය ම වේ !
Comments
Post a Comment