ඕමල්පේ සෝභිත හිමි සමාව ගනී. ජනාධිපතිට යැවූ ලිපියේ අස්ගිරි මහා නාහිමිගේ අත්සන හොරට ගහලා මාට්ටු. රටේ වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා ත්‍රෛනිකායික මහානාහිමිවරුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමියෝ අත්සන් කළ බව සඳහන් වුවත් සැබෑ ලෙසම එම නිවේදනයට මහනාහිමියන් අත්සන් කර නැතැයි ඉරිදා අරුණ පුවත්පත වාර්තා කර ඇත. එම පුවත් වාර්තාවට අනුව නාහිමියන්ගේ අත්සන වෙනුවට යොදා ඇත්තේ ස්කෑන් කළ අත්සනක් බවද මහා විහාර ආරංචි මාර්ග පවසයි. පවතින අර්බුදය ගැන මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් සමග සාකච්ඡා කිරීමට එම විහාර දෙකට කොළඹින් ගිය සඟරුවන රජයට එරෙහිව මහමලුවේ උපවාසයක් හෝ විරෝධතාවක් කිරීමට මුලින් සැලසුම් කර තිබුණත් මහාවිහාර දෙකෙන් ඊට අනුමැතියක් ලැබී නැතැයි කියති. ඒ අනුව මුලින්ම අස්ගිරිමහා විහාරයට ගොස් මහනාහිමියන් ඇතුළු නාහිමිවරුන් බැහැදැක කරුණු සාකච්ඡා කළ ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු සඟරුවන පසුව මල්වතු මහ විහාරයට ගොස් ඇත. අස්ගිරි මහානාහිමියන් සමග සාකච්ඡා කර සකස්කළ නිවේදනය පසුව වෙනස් කර ඇතැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් ඊට මල්වතු මහනාහිමියන්ගේද අත්සන ලබාගැනීමෙන් පසු ...
අන්තර්වාර රජයකත් අගමැති මමයි- මහින්ද අන්තර්වාර ආණ්ඩුවක් පිහිටු වූ ද එහි ද අගමැතිවරයා තමන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි. ඉතිහාසය නොදන්නා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් තමනට ඉවත්වෙන්නැයි ඉල්ලා ඇති බවද පැවසූ ඔහු බහුතර මන්ත්‍රී පිරිසක් තමන් සමග සිටින බවද සඳහන් කළේය. මේ මොහොතේ යම් අසීරු තැනක රට තිබෙන බව තමා පිළිගන්නා බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා එම අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇති බවද පැවසීය. මීටත් වඩා දරුණු අර්බුදවලට රට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය. ගාලු මුවදොර පිටියේ අරගලයක යෙදී සිටින පිරිස්වලට සාකච්ඡා සඳහා නැවත වතාවක් තමන් ආරාධනා කරන බව පැවසූ ඔහු එසේ නො පැමිණෙන්නේ නම් ඔවුනට දිගටම සිදු වන්නේ අරගල කිරීමට පමණක් යයිද පැවසීය.